"මේ දරුවො මොකද මහ රෑ පිලියන්දල ටවුමෙ?" - ජයලත් මනෝරත්න
කටුබැද්ද විශ්ව විද්‍යාලයේ අපි ඉගෙන ගන්න කාලෙ, අපේ දෙවැනි වසරෙදි, ඒ කියන්නෙ දැනට අවුරුදු විස්සකටත් කලින්, ඉංජිනේරු-NDT ශිෂ්‍ය අර්බුධයට අපිට මුහුන දෙන්න වුනා. කැම්පස් එක මාස ගානක් වහන තැනට කටයුතු සිදු වුන ඒක මහ අමුතුම අඳුරු කාල පරිච්ඡේදයක්. තැන තැන සිසු සටන්, ගොඩනැගිලි වට කර සමූහ පිටින් ගොස් පහරදීම්, දිවයින පුරා පෝස්ටර් ඇලවීම්, නගර කේන්ද්‍ර කර ගනිමින් බස් වලට නැග ජනතාව දැනුවත් කිරීම්, මාධ්‍ය ආයතනවලට ගොස් සංවාද කිරීම්, දෙමාපිය සම්මන්ත්‍රන, මහා පරිමානයේ සිසු උද්ඝෝශණ, පුවත්පත් මුද්‍රනය කිරීම් සහ වෙනත් විශ්ව විද්‍යාල වලට ගොස් ඒවායේ මේ වෙනුවෙන්ම නිර්මාණය වූ බිත්ති පුවත්පත් නිර්මාණය කිරීම් ආදී මෙකී නොකී සියලු ආකාරයේ ශිෂ්‍ය මැදිහත්වලට අපිටත් (අතින් පයින් සටන් හැර) සහභාගි වෙන්න හෝ විටෙක නායකත්වය දෙන්න වුනා. නමුත් අද මම ලියන්න යන්නෙ ඒ අරගල ගැන නොවේ.. ජයලත් මනෝරත්න කලාකරුවා ගැන.. හේතුව, එතුමන් සමඟ මුලින්ම මුහුනට මුහුන මට කතා කරන්න ලැබුනේ ඉහත මා සඳහන් කල ගැටුම් වාතාවරනය තුල.. ඒක වුනේ මෙහෙමයි.. දවසක් ඉන්ජිනේරු සිසුන් සියල්ලම මහා රෑක පිලියන්දල නගරයට රොක් වුනා.. ඒකට...