Posts

Showing posts from August, 2023

හිනාවෙයන් කලු හිනා වෙයන්!

Image
මේ සටහන කෝච්චි හෑල්ලක්. දැන් අපිට දවස් තුනක් වැඩට යන්න වෙනවා. Working from home මධුසමය සීමා කරලා 😊 මෙය මම මගේ ෆේස්බුක් පේජ් එකේ දාන ගමන් දිනියස් group එකෙත් දැම්මා. (පස්සෙ සිනමාවේදීන් පිටුවෙත් දැම්මා). ඒ හරහා මට මේ වගේ මත ගැන පොදුවේ බුකියේ මතවාද ගැන අප්ඩේට් වෙන්නත්, එයට මතවාදීව දායක වෙන්නත් ලැබෙනවා. බොහෝ දෙනෙක් මෙය කියවා ඉතා positive ප්‍රතිචාර ලබා දීමට අමතරව share කරලත් තිබුනා.   මගේ බුකි පිටුවෙ ඉන්නෙ බහුතරයක් මගේ වයසට කිට්ටු අය නිසාත්, ඒ අය අතර මට හිතවත්කම හරහා ලැබෙන ගෞරවය නිසාත් මගේ පේජ් එකේ තියෙන්නෙ ගෙදර ආලින්දෙ වගේ ශේප් කතිකාවක් 🤓 අර ගෘප් වලට ගියාම හන්දියෙ කඩේ වළ බහින කොල්ලො, බෝක්කු ගාව වෙන වැඩක් නැතුව ටෝක්ස් දෙන මිනිස්සු එක්ක ඔහේ කතා කරා වගේ ගතියක් දැනෙනවා. අනික selfish ලෙස මට මගේ ලියමන් වලට ඇලුම් කරන කිහිප දෙනෙක් හෝ මාව සොයා ගෙන එන්නත් ඒකෙන් අවස්ථාව උදා කරනවා. ඉදිරියේදී බිකිය වෙනුවට මේ බ්ලොග් එකේ වැඩියෙන් ලියන්නට හිතා ඉන්න නිසාත් මට එහෙම audience එකක් හැදෙන එක strategically ආයෝජනාත්මකයි. ඔන්න එහෙනම් හෑල්ල. අර ලින්ක් ටිකත් අන්තිමට ඇඩ කරන්නම්. ඒ හරහාත් මේක සෑහෙන ලෙසින් සමාජගත වුන