Posts

Showing posts from January, 2021

Likes හිඟන page/channel පඩංගු

Image
අද කාලේ සමාජ මාධ් ‍ ය වැඩ කරන හැටි ලස්සනට පෙන්නන්න පුලුවන් උදාහරනයක් මේ. මේ ගැන උනන්දු කෙනෙකුට බලා ගන්නත් එක්ක මම අදාල රූප ටිකක් side-by-side තියලම කතාව පටන් ගන්නං. රූපය 1: දියණියකගේ දක්ශතාවයක් ගැන, ඒ පිටුවේ audience එක ගැන සබුද්ධිකව හදපු රූපයක්. අදාල තරඟ සංවිධායකයන් ගැන සඳහන් කරනවා. කාටවත් මඩක් නෑ. හොඳ නිර්මාණයක්. හදන්න පැයක් යන්නැති වැඩිම වුනොත්, දවස් හතයි - shares 1000 යි. රූපය 2: උඩ රූපෙ ඩවුන්ලෝඩ් කර ගත්තා. ලයින් එකක් ලිව්වා. දැම්මා. කොහෙන්ද ගත්තෙ නෑ. අදාල සංවිධානය විස්තර මොකුත් නැහැ. හැබැයි සුක්රා දියණිය ගැන දැනට තියෙන උනන්දුවට ගහලා මේක හිට් කර ගත්තා. පෝස්ට් එක හදන්න විනාඩියක් ගියේ නෑ. දවස් 5යි - shares 8000ට කිට්ටුයි රූපය 3: අර පලවෙනි එක හදන්න භාවිතා කරපු original post එක. නියම මාධ් ‍ ය භාවිතාවක් යොදා ගනිමින්, මේ තරඟයෙන් දිනපු සියලුම දරුවන්ගෙ රූප, ස්ථානය සහ පාසල සඳහන් කරමින් ඒ විස්තර සමාජගත කිරීමට යොදාගත් පෝස්ටුව. විස්තර හොයා ගන්න සෑහෙන කාලයක් ගත කරන්න ඇති. දාලා මාසයයි. ශෙයාර්ස් හැබැයි 110 යි. මේ කියන කථික තරඟය සහ එහි ජයග් ‍ රහනය ගැන පුලුල් මාධ් ‍ ය ආවරණයක් තිබුනෙ නැහැ. කොටින්ම එ

2020 ට කඩිප්පුලි කතා කියන්නට පෙර... මේක කියවන්න!

Image
  2020ට කඩිප්පුලි කතා කියන එක වහාම නවත්තන්න.. දැන් ඔය 2021 ලොකුවට උඩ දැම්මට අපි 2020ට උම්මා දීලා බාර ගත්තු හැටි මතකනේ.. සමහර වෙලාවට සමහර බෙහෙත් තිත්තයි, සැරයි..නමුත් ඒක ඒ වෙලාවට ඕනෙම බෙහෙත ලෙඩා බේර ගන්න.. සමහර ගුරුවරු සැරයි, වසයි, නමුත් ආපහු හැරිලා බලද්දි ජීවිතේ වෙනස් කරේ ඒ වගේ ගුරුවරු.. 2020ත් ඒ වගේ... පාඩම් උගන්නපු වසරක්.. නිකන් නෙවේ ටොකු ඇන ඇන.. ඇත්ත, මිනිස්සු මැරුනෙ ලක්ස ගානින් නෙවෙයි,මිලියන ගානින්.. අපේ ජීවිතේ දැක්ක ලොකුම ඛේදවාචකයක් වුන වසර.. ලෝක මට්ටමේ වසංගතයක්.. ඒක වැඩ කරන්නෙ කැලෙන්ඩරේ බලලත් නෙවෙයි, වැඩ අහවර කරපු පාටකුත් නැහැ, ඒ නිසා 2020ට සාප කරලා තේරුමක් නැහැ.. ජීවිතයක අවිනිශ්චිත බව, කෙටි බව, පුංචි දේවල් වලින් මේ මොහොත විඳින්න ඕනෙ හැටි, සරල පොඩි දේ වලින් සතුටු වෙන්න ඕනෙ හැටි අපි 2020 ඉගෙන ගත්තෙ නැද්ද? පොඩි දෙයක් වෙනස් වුනත් පරල වෙන්න පුරුදු වෙච්ච අපේ ඇස් ඉස්සරහ, මොහොතින් ඔලිම්පික් මට්ටමේ කාරනා අවලංගු වීම, කල් දැමීම් සාමාන් ‍ ය දෙයක් වුනේ නැද්ද? හැල්මෙ දුවමින්, ලෝකෙම දේවල් බදාගෙන, දරුවන්ගෙ, ගෙදර අයගෙ මුහුන බලන්න වෙලාවක් තිබුනු නැති අයට, ගෙදර හිර වෙලා දරුවන් එක්ක චිත් ‍ ර අඳින එ