Posts

සත්තයි නුඹ ඇවිදින්...

Image
සරසවි උයන දුම්රිය ස්ථානය ඈත කොනක ඇති බංකුවක හිස පහතට යොමාගෙන අසුන්ගෙන සිටින තරුණයෙකි.  හූ හඬ නඟාගෙන වේදිකාව වෙතට ඇදී එන දුම්රිය ඔහුව කලබල කල සෙයකි. අපහසුවෙන් හිස ඔසවා, බොඳ වු ඇස් කෙවෙනි අතරින් ඔහු වටහා ගත්තේ ඒ කොලඹ බලා ධාවනය වෙන, තමා බලාපොරොත්තුවෙන් සිටි දුම්රිය බවයි. ඉතා අපහසුවෙන් හුන් තැනින් නැගී සිටියත්, ඒ වෙතට ඔහු පිය මැන්නේ ඉතා ආයාසයෙනි. තබන පාදයක් පාසා පසු පසට ඔහුව අදින විසල් බරක් ඔහුට දැනු නා මෙනි. මීට පැයකට පමණ පෙර වූ සිදුවීම් දාමය ඔහුගේ සිත සමග දස දහස් වෙනි වරටත්, රුප රාමු ලෙසින් මැවෙමින් ඔහුව නැවත නැවතත් පෙළන්නට විය. ඇයව විජේවර්ධන කාන්තා නේවාසිකාගාර ශාලාව ඉදිරියේ උදෑසන හමුවෙන විට තිබූ සතුට, පුරුදු විදියටම ඇය සමඟ සතුටු සාමීචියෙන් හෝරා ගෙවී ගිය අපුරුව සිතට ගෙන දුන් ප්‍රමෝදය වසාගෙන, ඒ සතුට බිලිගත් නිමේශයේ මතක සටහන අඳුරු වළාවක් ලෙසින් ඔහුගේ සිත වෙලා ගෙන තිබුනි. ඔහු දුම්රියේ ආයාසයෙන් අසුන් ගනිද්දීත් ඇයගේ වචන ඔහුගේ මතකයේ රැව් දෙන්නට විය. "අපිට මොකද වුනේ, මට තේරෙන්නෙ නෑ විහඟ!" ඒ හෝරාව හෝ දෙක, දෙදෙනා අතර හුවමාරු වුනේ වචන කිහිපයකි. එය අමනාපයක්, නුරුස්නාවක් නොවූ එහෙත් රිද

හිනාවෙයන් කලු හිනා වෙයන්!

Image
මේ සටහන කෝච්චි හෑල්ලක්. දැන් අපිට දවස් තුනක් වැඩට යන්න වෙනවා. Working from home මධුසමය සීමා කරලා 😊 මෙය මම මගේ ෆේස්බුක් පේජ් එකේ දාන ගමන් දිනියස් group එකෙත් දැම්මා. (පස්සෙ සිනමාවේදීන් පිටුවෙත් දැම්මා). ඒ හරහා මට මේ වගේ මත ගැන පොදුවේ බුකියේ මතවාද ගැන අප්ඩේට් වෙන්නත්, එයට මතවාදීව දායක වෙන්නත් ලැබෙනවා. බොහෝ දෙනෙක් මෙය කියවා ඉතා positive ප්‍රතිචාර ලබා දීමට අමතරව share කරලත් තිබුනා.   මගේ බුකි පිටුවෙ ඉන්නෙ බහුතරයක් මගේ වයසට කිට්ටු අය නිසාත්, ඒ අය අතර මට හිතවත්කම හරහා ලැබෙන ගෞරවය නිසාත් මගේ පේජ් එකේ තියෙන්නෙ ගෙදර ආලින්දෙ වගේ ශේප් කතිකාවක් 🤓 අර ගෘප් වලට ගියාම හන්දියෙ කඩේ වළ බහින කොල්ලො, බෝක්කු ගාව වෙන වැඩක් නැතුව ටෝක්ස් දෙන මිනිස්සු එක්ක ඔහේ කතා කරා වගේ ගතියක් දැනෙනවා. අනික selfish ලෙස මට මගේ ලියමන් වලට ඇලුම් කරන කිහිප දෙනෙක් හෝ මාව සොයා ගෙන එන්නත් ඒකෙන් අවස්ථාව උදා කරනවා. ඉදිරියේදී බිකිය වෙනුවට මේ බ්ලොග් එකේ වැඩියෙන් ලියන්නට හිතා ඉන්න නිසාත් මට එහෙම audience එකක් හැදෙන එක strategically ආයෝජනාත්මකයි. ඔන්න එහෙනම් හෑල්ල. අර ලින්ක් ටිකත් අන්තිමට ඇඩ කරන්නම්. ඒ හරහාත් මේක සෑහෙන ලෙසින් සමාජගත වුන

ජෙහාන්, මල්දෙනිය හදිසි රහසිගත හමුවක්!

Image
  ජෙහාන් රබර් වත්තට එන විටත් මල්දෙනිය අගමැතිතුමා එහි කලින්ම පැමිණ සිටියේය. මල්දෙනිය අගමැති කරන්නට, බෙල්ල ගසා යන මට්ටමේ මෙහෙයුම දියත් කලත්, ජෙහාන් සහ අගමැතිතුමා අතර මෙලෙසින් මුහුනට මුහුන හමුවීම සිදුවුනේ පසු ගිය වසර තුනටම, අතේ ඇඟිලි ගණනටත් අඩුවෙනි. ඒ දෙදෙනාගේම ආරක්ශාවටය. ඒ නිසා වහාම තමා හමුවෙන ලෙසට පැමිණෙන ලෙසින් කල ඉල්ලීම සුලු පටු නොවන බව ජෙහාන් දැන සිටියේය. "ජෙහාන්" මල්දෙනිය මද සිනාවක් පාමින් ජෙහාන්ව පිලි ගත්තේ සුපුරුදු ළෙන්ගතු කමිනි. තමන් හිර වුන හැම වෙලාවකම සහනයක් ලබා දුන්නේ කුලියට වන්දිභට්ට කම් කරන හෙන්චයියන් නොව, විටක තමන්ගේ වචනවලට එරෙහිව පවා කතා කරන, දඩබ්බර එහෙත් අතිශයින් ශුර සහ බුද්ධිමත් මේ මිනිසාය. එනිසා ජෙහාන්ගේ හමුවීම මල්දෙනියට ගෙන ආවේ අතිශය සොම්නසකි. මල්දෙනියගේ සිනාව තුල වුවද ජෙහාන් දුටුවේ විඩාබර වයසක පෙනුමකි. තමාගේ තාත්තාගෙ වයසේ මේ මිනිසා, අගමැති ධුරය ලබා සිටි පසුගිය වසර දෙකට, තුනට දෙගුණයකින් වයස ගියාවත්දැයි ජෙහාන්ට සිතින. "ජෙහාන්ට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ මම දැන් ඉන්න තත්ත්වෙ. අපිට ගෙදර යන්න කියලා මිනිස්සු පාරට බැහැලා.. මගේම පිටේ නැගලා ජනාධිපති වෙච්ච මගේම

අම්මා වගේ වතුර ටික

Image
  අපේ පුතා මේ ලඟදි දවසක ලෙඩ වුනා... ටිකක් තදට ලෙඩ වුනා. ඇඳෙන් බහින්න බැරි ගානට, උණ, ඇඟේ වේදනාව, බඩේ අමාරු එක්ක එයා දවස් ගානක් ගත කරන හැටි බලා ඉන්න ඇත්තටම අමාරු වෙන ගානට. මගේ හාමිනේ නිදා ගත්තෙ පුතාගෙ ඇඳ ලඟ බිම, ඒ තමයි ‍ රැයේ ඕන වෙලාවක පුතා ඇහැරුනොත්, උණක් ගත්තොත් ඒ ඕන දේකට එසැනින් ක් ‍ රියාත්මක වෙන්න පුලුවන් වෙන්න. එලි වෙනකන් උණ බලන්න, කැඳ පොවන්න. ඔය මොකවත් නැතොත්, නළල සිප ගනිමින් ලඟට වෙලා ඔලුව හරි අත ගගා ඉඳලා පස්සෙන්දා වැඩටත් යනවා. තාත්තා කෙනෙක් විදියට මට පුලුවන් හැම දේම කලත්, ගෙවෙන හැම විනාඩියකම මට දැණුනෙ අපිට අම්මා කෙනෙක්ගෙ සෙනෙහස, කැපවීම ඉස්සරහා හැරෙන්න වත් පුලුවන්ද කියලා. මාත් එක්ක නිතර දොඩමලු වෙන නාඹර තරුන කොල්ලා, ලෙඩ ඇඳේදි පූස් පැටියෙක් වගේ හෙව්වෙ අම්මා විතරයි. දවසක් ඇය නිවසින් එලියට ගියේ පුතා ගැන ඇහැ ගහගෙන ඉන්න කියලා. ඒ වෙලාවෙ අම්මගෙ රාජකාරිය මට පැවරුනු නිසා මමත් හිටියෙ දේවකාරියක බර ඔලුවෙ තියන් වගේ. එකපාරට කොලුවා කෙඳිරි ගාන හඬ ඇහිලා මම ඒ පැත්තට (ගියා නෙවෙයි) දිව්වා. "තාත්තෙ, අම්මා කෝ?" කොලුවාගෙන් පලවෙනි ප් ‍ රශ්නෙ යොමු වුනා. අම්මා පොඩ්ඩකට එලියට ගියා, මොනවද ඕනෙ පුතේ ක

Flubot Scam ගැන කිව්වා රැදෙව්වේ..වරක් නොව තව වතාවක්

Image
 මේක විශේෂ සතියක්.. ඉතා භයානක මැල්වෙයා එකක් ගැන ප්‍රධාන ප්‍රජා ගුවන්  විදුලි  දෙකකම කියන්න අවස්ථාව ලැබුනා. එකක් මගේ සුපුරුදු මෙල්බර්න් 3zzz ගුවන් විදුලියේ සයිබර් සටහන් හරහා. අනෙක ඔස්ට්‍රේලියාව පුරා විකාශය වෙන SBS සිංහල සේවාව හරහා  සාකච්ඡාවක් ලෙසින්.. මේක ඇන්ඩ්‍රොයිඩ් දුරකථනවලට බලපාන ඉතා භයානක වෛරස් එකක්.. අහලම බලන්න. වැඩි විස්තර විදියට මේ රූප ටික පහත එකතු කරන්න හිතුවා..

Likes හිඟන page/channel පඩංගු

Image
අද කාලේ සමාජ මාධ් ‍ ය වැඩ කරන හැටි ලස්සනට පෙන්නන්න පුලුවන් උදාහරනයක් මේ. මේ ගැන උනන්දු කෙනෙකුට බලා ගන්නත් එක්ක මම අදාල රූප ටිකක් side-by-side තියලම කතාව පටන් ගන්නං. රූපය 1: දියණියකගේ දක්ශතාවයක් ගැන, ඒ පිටුවේ audience එක ගැන සබුද්ධිකව හදපු රූපයක්. අදාල තරඟ සංවිධායකයන් ගැන සඳහන් කරනවා. කාටවත් මඩක් නෑ. හොඳ නිර්මාණයක්. හදන්න පැයක් යන්නැති වැඩිම වුනොත්, දවස් හතයි - shares 1000 යි. රූපය 2: උඩ රූපෙ ඩවුන්ලෝඩ් කර ගත්තා. ලයින් එකක් ලිව්වා. දැම්මා. කොහෙන්ද ගත්තෙ නෑ. අදාල සංවිධානය විස්තර මොකුත් නැහැ. හැබැයි සුක්රා දියණිය ගැන දැනට තියෙන උනන්දුවට ගහලා මේක හිට් කර ගත්තා. පෝස්ට් එක හදන්න විනාඩියක් ගියේ නෑ. දවස් 5යි - shares 8000ට කිට්ටුයි රූපය 3: අර පලවෙනි එක හදන්න භාවිතා කරපු original post එක. නියම මාධ් ‍ ය භාවිතාවක් යොදා ගනිමින්, මේ තරඟයෙන් දිනපු සියලුම දරුවන්ගෙ රූප, ස්ථානය සහ පාසල සඳහන් කරමින් ඒ විස්තර සමාජගත කිරීමට යොදාගත් පෝස්ටුව. විස්තර හොයා ගන්න සෑහෙන කාලයක් ගත කරන්න ඇති. දාලා මාසයයි. ශෙයාර්ස් හැබැයි 110 යි. මේ කියන කථික තරඟය සහ එහි ජයග් ‍ රහනය ගැන පුලුල් මාධ් ‍ ය ආවරණයක් තිබුනෙ නැහැ. කොටින්ම එ

2020 ට කඩිප්පුලි කතා කියන්නට පෙර... මේක කියවන්න!

Image
  2020ට කඩිප්පුලි කතා කියන එක වහාම නවත්තන්න.. දැන් ඔය 2021 ලොකුවට උඩ දැම්මට අපි 2020ට උම්මා දීලා බාර ගත්තු හැටි මතකනේ.. සමහර වෙලාවට සමහර බෙහෙත් තිත්තයි, සැරයි..නමුත් ඒක ඒ වෙලාවට ඕනෙම බෙහෙත ලෙඩා බේර ගන්න.. සමහර ගුරුවරු සැරයි, වසයි, නමුත් ආපහු හැරිලා බලද්දි ජීවිතේ වෙනස් කරේ ඒ වගේ ගුරුවරු.. 2020ත් ඒ වගේ... පාඩම් උගන්නපු වසරක්.. නිකන් නෙවේ ටොකු ඇන ඇන.. ඇත්ත, මිනිස්සු මැරුනෙ ලක්ස ගානින් නෙවෙයි,මිලියන ගානින්.. අපේ ජීවිතේ දැක්ක ලොකුම ඛේදවාචකයක් වුන වසර.. ලෝක මට්ටමේ වසංගතයක්.. ඒක වැඩ කරන්නෙ කැලෙන්ඩරේ බලලත් නෙවෙයි, වැඩ අහවර කරපු පාටකුත් නැහැ, ඒ නිසා 2020ට සාප කරලා තේරුමක් නැහැ.. ජීවිතයක අවිනිශ්චිත බව, කෙටි බව, පුංචි දේවල් වලින් මේ මොහොත විඳින්න ඕනෙ හැටි, සරල පොඩි දේ වලින් සතුටු වෙන්න ඕනෙ හැටි අපි 2020 ඉගෙන ගත්තෙ නැද්ද? පොඩි දෙයක් වෙනස් වුනත් පරල වෙන්න පුරුදු වෙච්ච අපේ ඇස් ඉස්සරහ, මොහොතින් ඔලිම්පික් මට්ටමේ කාරනා අවලංගු වීම, කල් දැමීම් සාමාන් ‍ ය දෙයක් වුනේ නැද්ද? හැල්මෙ දුවමින්, ලෝකෙම දේවල් බදාගෙන, දරුවන්ගෙ, ගෙදර අයගෙ මුහුන බලන්න වෙලාවක් තිබුනු නැති අයට, ගෙදර හිර වෙලා දරුවන් එක්ක චිත් ‍ ර අඳින එ