Posts

Showing posts with the label කෙටි කතා

බුදු තාත්තේ... අපේ ගෙදර!!

Image
 දවසේම කුඹුර සමඟ ඔට්ටු වූ සියාතු යාන්තමින් ඉසිඹුවක් ලන්නට ලන්ද මත වාඩි වුනා පමණි.. කැළේ කඩා ගෙන කුඹුර පැත්තට දුවගෙන එන්නේ තමන්ගේ ලොකු කොලුවා බව තේරුම් ගන්නට ඔහුට ආපහසුවක් වුනේ නැත. " බුදු තාත්තේ... අපේ ගෙදර!!"  තරුණයා එසේ කියා තමන්ගේ දෙපා පාමුල වැටුනේද, වැටෙද්දී එසේ කියවුනාදැයි සියාතුට නිනව්වක් නැහැ..  මේ අසන්නට යන්නෙ ලොකු වින්නැහියක් බව ඔහුට ඉවෙන් මෙන් වැටහුනු නිසාවෙනි.. "තාත්තෙ, අපේ ගෙදර ගිනි ගත්තා."   සියාතුට ඇස් නිලංකාර විය. එහෙත් උඩ ඉන්දවුනු දැසින් ඔහු තම පුතා දෙස බලා සිටියේ ඒ අසුබ ආරංචිය තුල යම් මාත්‍රයක හෝ ඉතිරි වූ බලාපොරොත්තුවක් ගැන හෝඩුවාවක් පතමිනි. පුතාට ඒ බලාපොරොත්තුවත් සුන් කරන්නට ගියේ නිමේශයකි. "මොකුත් ඉතිරි නෑ තාත්තේ.. වටේ කොල්ලො ටිකත් එක්ක එකතු වෙලා ගින්න එක්ක ඔට්ටු වුනාට මොනවත් බේර ගන්න බැරි වුනා.. එහෙම් පිටින්ම අලු ගොඩක් දැන් එතන"  සියාතු නිහඬය.වටිනා කියන කිසිම දෙයක් ඒ ගෙදර තිබුනේ නැත. නමුත් ඒ සියාතුගේ ගෙදරය.  තමන්ගේ දෑතින්ම හැදු ඒ ගෙදර ඔහු ලොකු පුතාට පැවරුවේ ගිය සතියේය. ඒ තමන්ගේ අවසන් හුස්ම ඒ නිවසේම හෙලන්නට පියාණන්ට අවස්ථාව දෙන වගට පො...

ඩඩ්ලිගේ යටි බඩේ ගෙඩිය.. (කූඹියෝ අවසන් එපියට පෙර ලියූවක්..)

Image
පිටිසර ගමක් තිබුනා..අපි නිකමට කියමු මහඋල්පතගම කියලා.. ගමේ හිටියා තරමක් මුදල්, හයිය තිබ්බ මනුස්සයෙක්, අපි එයාට කියමු ඩඩ්ලි කියලා නිකමට වගේ.  තව මනුස්සයෙක් හිටියා ගමේ - ගොවිතැනක් බතක් නොකරත් මිනිහා අතේ නිතර සල්ලි ගැවසෙන, නිතර ජොලියෙන් ඉන්න.  අපි එයාට  කියමු ජෙහානිස් කියලා. ඇත්ත නම නෙවෙයි, අහඹු ලෙස තෝරා ගත් නමක්.. ජෙහානිස් මෙච්චර සල්ලි හොයන්නෙ ඔට්ටු වලින් දිනලා කියලා තමයි ගැමියො කිව්වෙ.  දවසක් ඩඩ්ලි මුදලාලි. ජෙහානිස්ට කිට්ටු වෙලා ඇහුවා " කොහොමද බන් යෝධයො උඹ මේ ඔට්ටු අල්ලලා මෙච්චර සල්ලි හම්බ කරන්නෙ" කියලා. " ඒක හරි ලේසි වැඩක් ඩඩ්ලි මහත්තයෝ, මම නිකන් අනික් එක්කෙනා දිනනවා කියලා හිතෙන ඔට්ටුවක් දානවා ලොකු ගානකට" ජෙහානිස් ඇඟට පතට නොදැනී කිව්වා. " ඈ බන් යෝධයො, අනික් එකා දිනන ඔට්ටුවක් දාලා උඹට අතින් කයිට් වෙනවනෙ?" "ඒක වෙනමම කලාවක් ඩඩ්ලි මහත්තයෝ, මට දවසක් දෙන්න. මම මහත්තයට හරි යන ඔට්ටුවක් හිතාගෙන එන්නම්.. මේ රබර්  වත්තටම බල්ල ඇවිදදන්න වගේ එන්න. කාටවත් කියන්න එපා. අපි ඔට්ටුවක් දාමු හෙට හවසට" කිව්ව විදියටම ඩඩ්ලි මුදලාලියි, ජෙහානුසුයි, ලේකමයි ...

සත්තයි නුඹ ඇවිදින්...

Image
සරසවි උයන දුම්රිය ස්ථානය ඈත කොනක ඇති බංකුවක හිස පහතට යොමාගෙන අසුන්ගෙන සිටින තරුණයෙකි.  හූ හඬ නඟාගෙන වේදිකාව වෙතට ඇදී එන දුම්රිය ඔහුව කලබල කල සෙයකි. අපහසුවෙන් හිස ඔසවා, බොඳ වු ඇස් කෙවෙනි අතරින් ඔහු වටහා ගත්තේ ඒ කොලඹ බලා ධාවනය වෙන, තමා බලාපොරොත්තුවෙන් සිටි දුම්රිය බවයි. ඉතා අපහසුවෙන් හුන් තැනින් නැගී සිටියත්, ඒ වෙතට ඔහු පිය මැන්නේ ඉතා ආයාසයෙනි. තබන පාදයක් පාසා පසු පසට ඔහුව අදින විසල් බරක් ඔහුට දැනු නා මෙනි. මීට පැයකට පමණ පෙර වූ සිදුවීම් දාමය ඔහුගේ සිත සමග දස දහස් වෙනි වරටත්, රුප රාමු ලෙසින් මැවෙමින් ඔහුව නැවත නැවතත් පෙළන්නට විය. ඇයව විජේවර්ධන කාන්තා නේවාසිකාගාර ශාලාව ඉදිරියේ උදෑසන හමුවෙන විට තිබූ සතුට, පුරුදු විදියටම ඇය සමඟ සතුටු සාමීචියෙන් හෝරා ගෙවී ගිය අපුරුව සිතට ගෙන දුන් ප්‍රමෝදය වසාගෙන, ඒ සතුට බිලිගත් නිමේශයේ මතක සටහන අඳුරු වළාවක් ලෙසින් ඔහුගේ සිත වෙලා ගෙන තිබුනි. ඔහු දුම්රියේ ආයාසයෙන් අසුන් ගනිද්දීත් ඇයගේ වචන ඔහුගේ මතකයේ රැව් දෙන්නට විය. "අපිට මොකද වුනේ, මට තේරෙන්නෙ නෑ විහඟ!" ඒ හෝරාව හෝ දෙක, දෙදෙනා අතර හුවමාරු වුනේ වචන කිහිපයකි. එය අමනාපයක්, නුරුස්නාවක් නොවූ එහෙත් රිද...

කෑම පැයේ ඇය සමඟ...

Image
කෑම පැයේදි වට මේසෙක වාඩිවෙලා කෑම කද්දි, ටිකක් මෑතක වගේ කන්ඩායමට එකතු වුන ඉන්දියානු කාන්තාවකුත් අපේ කතාවට සෙට් වුනා. එකක් පස්සෙ එකක් කතා කැරකිලා ආවේ අශෝක අධිරාජ්‍යයා ගැන.. ඇය තරමක් දුරට ඉතිහාසය හදාරපු වගක් පෙන්නපු නිසා කතාව ටිකක් රසවත් වුනා.. මම එක තැනකදි කිව්වා, යුද්ධෙ කප්පිත්තෙක් වුන අශෝක රජ්ජුරුවො කලකිරෙන්න තරම් විනාසයක් කාලිංග යුද්ධෙ හේතු වුනා නම් ඒ යුද්ධෙ ඇත්තටම කොච්චර බිහිසුණු වෙන්න ඇත්ද කියලා.. ඒකට එයා එකඟ වෙන ගමන්, ලස්සන දෙයක් මතක් කරා.. "Always the history is written by the Victor" (කවදත් ඉතිහාසෙ ලිව්වෙ ජය ගත්තු කෙනා) කියලා.. කතාව එතනින් ඉවර වුනත්, මට හිතෙනවා මෙන්න මේ විදියට අපිට ඒක ඉදිරියට ගෙන යන්න තිබ්බා.. අපි ඇයගේ නම භාරතී කියලා හිතමු (සත්‍ය නම නොවේ) "භාරතී, ඔයා එහෙම කිව්වට, මෑත ඉතිහාසෙ ගත්තොත්, ලංකාවෙ නම් ඉතිහාසෙ ලියන්නෙ දිනපු අය නෙවෙයි.." "ඒ කොහොමද ඒක වෙන්නෙ, පැරදුනු අයට say එකක් නෑනෙ පැරදුනාට පස්සෙ" "ලංකාවෙ යුද්ධෙ ඉවර වෙද්දි මිනිස්සු මැරුණු ගාන, මැරුනු හැටි, මොන වගේ ආයුධ ද පාවිච්චි කරේ, ඒ ගැන යූ.එන් වගේ තැන්වල කියවෙන්නෙ මො...