Posts

Showing posts with the label සමාජ කතිකා

Likes හිඟන page/channel පඩංගු

Image
අද කාලේ සමාජ මාධ් ‍ ය වැඩ කරන හැටි ලස්සනට පෙන්නන්න පුලුවන් උදාහරනයක් මේ. මේ ගැන උනන්දු කෙනෙකුට බලා ගන්නත් එක්ක මම අදාල රූප ටිකක් side-by-side තියලම කතාව පටන් ගන්නං. රූපය 1: දියණියකගේ දක්ශතාවයක් ගැන, ඒ පිටුවේ audience එක ගැන සබුද්ධිකව හදපු රූපයක්. අදාල තරඟ සංවිධායකයන් ගැන සඳහන් කරනවා. කාටවත් මඩක් නෑ. හොඳ නිර්මාණයක්. හදන්න පැයක් යන්නැති වැඩිම වුනොත්, දවස් හතයි - shares 1000 යි. රූපය 2: උඩ රූපෙ ඩවුන්ලෝඩ් කර ගත්තා. ලයින් එකක් ලිව්වා. දැම්මා. කොහෙන්ද ගත්තෙ නෑ. අදාල සංවිධානය විස්තර මොකුත් නැහැ. හැබැයි සුක්රා දියණිය ගැන දැනට තියෙන උනන්දුවට ගහලා මේක හිට් කර ගත්තා. පෝස්ට් එක හදන්න විනාඩියක් ගියේ නෑ. දවස් 5යි - shares 8000ට කිට්ටුයි රූපය 3: අර පලවෙනි එක හදන්න භාවිතා කරපු original post එක. නියම මාධ් ‍ ය භාවිතාවක් යොදා ගනිමින්, මේ තරඟයෙන් දිනපු සියලුම දරුවන්ගෙ රූප, ස්ථානය සහ පාසල සඳහන් කරමින් ඒ විස්තර සමාජගත කිරීමට යොදාගත් පෝස්ටුව. විස්තර හොයා ගන්න සෑහෙන කාලයක් ගත කරන්න ඇති. දාලා මාසයයි. ශෙයාර්ස් හැබැයි 110 යි. මේ කියන කථික තරඟය සහ එහි ජයග් ‍ රහනය ගැන පුලුල් මාධ් ‍ ය ආවරණයක් තිබුනෙ නැහැ. කොටින්ම එ...

2020 ට කඩිප්පුලි කතා කියන්නට පෙර... මේක කියවන්න!

Image
  2020ට කඩිප්පුලි කතා කියන එක වහාම නවත්තන්න.. දැන් ඔය 2021 ලොකුවට උඩ දැම්මට අපි 2020ට උම්මා දීලා බාර ගත්තු හැටි මතකනේ.. සමහර වෙලාවට සමහර බෙහෙත් තිත්තයි, සැරයි..නමුත් ඒක ඒ වෙලාවට ඕනෙම බෙහෙත ලෙඩා බේර ගන්න.. සමහර ගුරුවරු සැරයි, වසයි, නමුත් ආපහු හැරිලා බලද්දි ජීවිතේ වෙනස් කරේ ඒ වගේ ගුරුවරු.. 2020ත් ඒ වගේ... පාඩම් උගන්නපු වසරක්.. නිකන් නෙවේ ටොකු ඇන ඇන.. ඇත්ත, මිනිස්සු මැරුනෙ ලක්ස ගානින් නෙවෙයි,මිලියන ගානින්.. අපේ ජීවිතේ දැක්ක ලොකුම ඛේදවාචකයක් වුන වසර.. ලෝක මට්ටමේ වසංගතයක්.. ඒක වැඩ කරන්නෙ කැලෙන්ඩරේ බලලත් නෙවෙයි, වැඩ අහවර කරපු පාටකුත් නැහැ, ඒ නිසා 2020ට සාප කරලා තේරුමක් නැහැ.. ජීවිතයක අවිනිශ්චිත බව, කෙටි බව, පුංචි දේවල් වලින් මේ මොහොත විඳින්න ඕනෙ හැටි, සරල පොඩි දේ වලින් සතුටු වෙන්න ඕනෙ හැටි අපි 2020 ඉගෙන ගත්තෙ නැද්ද? පොඩි දෙයක් වෙනස් වුනත් පරල වෙන්න පුරුදු වෙච්ච අපේ ඇස් ඉස්සරහ, මොහොතින් ඔලිම්පික් මට්ටමේ කාරනා අවලංගු වීම, කල් දැමීම් සාමාන් ‍ ය දෙයක් වුනේ නැද්ද? හැල්මෙ දුවමින්, ලෝකෙම දේවල් බදාගෙන, දරුවන්ගෙ, ගෙදර අයගෙ මුහුන බලන්න වෙලාවක් තිබුනු නැති අයට, ගෙදර හිර වෙලා දරුවන් එක්ක චිත් ‍ ර අඳ...

නහින්නෙ නැතුව අඬපන්!!

Image
  ඇමරිකානු ජාතික‍යෙක් තමාගේ සිය දිවි නසා ගැනීම සජීවී ව ෆේස්බුක් එකේ පෙන්නනවා..  තමාගේම අතින්ම ශොට් ගන් එකක් යොදාගෙන හිස කුඩු පට්ටම් කර ගන්නා  මේ අතිශය බිහිසුනු දර්ශනය ෆේස්බුක් එකෙන් ඉවත් කරන්නට ඔවුන්ට පැය තුනක් වගේ යනවා.  මේ කාලය තුල අනෙක් සියලුම සමාජ ජාලා තුලට මේ වීඩියෝව ඇතුල් වෙනවා. තරුණ දරුවන් අතර අතිශයින් ජනප්‍රිය ටික්-ටොක් සමාජ ජාලයට මෙය ඇතුල් වීමත් සමඟ මේ දර්ශනය මුලදී ටික් ටොක් "For You" algorithm එක හරහා ස්වයංක්‍රීයව පෙන්වන්න අරන් තියෙනවා (recommended videos කාන්ඩය තුල) මේ හරහා දරුවන් කිසිම වාරණ‍යකින් තොරව මේක දකින්න පටන් ගන්නවා.. ටික් ටොක් තුල මේ වීඩියෝව ඉවත් කරන්න ගත්තට පස්සෙ, සමහර මිනිස්සු තමන්ගේ පේජ්වල රීච් එක වැඩි කර ගන්න, මේ වීඩියෝවේ සංවේදී කොටස් වෙනත් අහිංසක ලෙස පෙනෙන වීඩියෝ, ඒ කියන්නෙ, උදාහරනයක් විදියට,  හුරතල් සතුන් පෙන්වන ලෙසින් පටන් ගන්නා වීඩියෝ තුලට එකතු කරලා මුදා හැරලා තිබ්බා. අති විශාල දරුවන් ප්‍රමානයක් මේ නිසා මේ දර්ශන දැකල සෑහෙන මානසික පීඩනයකට පත් වෙලා. ලොව වටා බොහෝ පාසල් දෙමාපියන්ට අවවාද තිබුනා හැකිනම් නම් ටික් ටොක් වලින් දරුවන් දවසකට දෙක...

බුදු තාත්තේ... අපේ ගෙදර!!

Image
 දවසේම කුඹුර සමඟ ඔට්ටු වූ සියාතු යාන්තමින් ඉසිඹුවක් ලන්නට ලන්ද මත වාඩි වුනා පමණි.. කැළේ කඩා ගෙන කුඹුර පැත්තට දුවගෙන එන්නේ තමන්ගේ ලොකු කොලුවා බව තේරුම් ගන්නට ඔහුට ආපහසුවක් වුනේ නැත. " බුදු තාත්තේ... අපේ ගෙදර!!"  තරුණයා එසේ කියා තමන්ගේ දෙපා පාමුල වැටුනේද, වැටෙද්දී එසේ කියවුනාදැයි සියාතුට නිනව්වක් නැහැ..  මේ අසන්නට යන්නෙ ලොකු වින්නැහියක් බව ඔහුට ඉවෙන් මෙන් වැටහුනු නිසාවෙනි.. "තාත්තෙ, අපේ ගෙදර ගිනි ගත්තා."   සියාතුට ඇස් නිලංකාර විය. එහෙත් උඩ ඉන්දවුනු දැසින් ඔහු තම පුතා දෙස බලා සිටියේ ඒ අසුබ ආරංචිය තුල යම් මාත්‍රයක හෝ ඉතිරි වූ බලාපොරොත්තුවක් ගැන හෝඩුවාවක් පතමිනි. පුතාට ඒ බලාපොරොත්තුවත් සුන් කරන්නට ගියේ නිමේශයකි. "මොකුත් ඉතිරි නෑ තාත්තේ.. වටේ කොල්ලො ටිකත් එක්ක එකතු වෙලා ගින්න එක්ක ඔට්ටු වුනාට මොනවත් බේර ගන්න බැරි වුනා.. එහෙම් පිටින්ම අලු ගොඩක් දැන් එතන"  සියාතු නිහඬය.වටිනා කියන කිසිම දෙයක් ඒ ගෙදර තිබුනේ නැත. නමුත් ඒ සියාතුගේ ගෙදරය.  තමන්ගේ දෑතින්ම හැදු ඒ ගෙදර ඔහු ලොකු පුතාට පැවරුවේ ගිය සතියේය. ඒ තමන්ගේ අවසන් හුස්ම ඒ නිවසේම හෙලන්නට පියාණන්ට අවස්ථාව දෙන වගට පො...

උණුසුම් දේශපාලනේ .. Polfie and Relfie

Image
Polfie කියලා රැල්ලක් ආවා කාලයක්, පොලීසියෙන් දඩ ලියද්දි ඒකෙ සෙල්ෆියක් ගහලා දාන එකක්.. මම කියන්නෙ ඒ පොල්ෆි නෙවෙයි - Political Selfie!!  දැන් මට පුලුවන් ටජ් මහල ගාවට ගිහින් ඒකෙ ෆොටෝ එකක් ගන්න.. . මට 'පේන විදියට' ගත්තට ඒක ඇතුලෙ මම ඉන්නවද, නෑ!! , ඒ නිසා මම ගහනවා සෙල්ෆියක් ටජ් මහල පැත්තෙන් පේන්න.. දැන් මම ලොකුවට පේනවා, ටජ් මහල පොඩියට පේනවා.. ටජ් මහල පොඩි වුනාට මට ඕනෙ මේ වගේ හැඟවුම්කාරක ඔක්කොම ඕක අස්සෙ තියෙනවා,  " මෙන්න හැමෝම බලා ගන්න මේ ඉන්නෙ මම, බලන්න මට හරි happy, දැක්කද අර ටජ් මහල පොඩියට පෙනුනට.  ඒත් මම ඔයාලට පෙන්නන්න හදන්නෙ ටජ් මහල විතරක් නෙවෙයි.. මාත් එතන ඉන්නවා කියන එක සහ මං දිහා බලන්න කියන එක"  අවංකවම කියන්න - අපි සෙල්ෆියක් අරන් දාන්නෙ ඒකට නෙවෙයිද? මේක වරදක් නෙවෙයි.. සාමාන්‍ය සමාජශීලි මිනිස්සු විදියට, සමාජ ජාලා හරහා මේ වැඩේ අතිශය ජනප්‍රියයි.. Selfie වලට හොඳ phone වලට, මූන air brush කරලා කිරි ටොයි  වගේ කරන  ෆිල්ටර් වලට අතිශය ඉල්ලුමක් තිබීම අහම්බයක් නෙවෙයි.. Like  කරන කෙනා, Love Heart දාන කෙනා ඒක දාන්නෙ ටජ් මහලට නෙවෙයි, අර ෆිල්ට...

කෑම පැයේ ඇය සමඟ...

Image
කෑම පැයේදි වට මේසෙක වාඩිවෙලා කෑම කද්දි, ටිකක් මෑතක වගේ කන්ඩායමට එකතු වුන ඉන්දියානු කාන්තාවකුත් අපේ කතාවට සෙට් වුනා. එකක් පස්සෙ එකක් කතා කැරකිලා ආවේ අශෝක අධිරාජ්‍යයා ගැන.. ඇය තරමක් දුරට ඉතිහාසය හදාරපු වගක් පෙන්නපු නිසා කතාව ටිකක් රසවත් වුනා.. මම එක තැනකදි කිව්වා, යුද්ධෙ කප්පිත්තෙක් වුන අශෝක රජ්ජුරුවො කලකිරෙන්න තරම් විනාසයක් කාලිංග යුද්ධෙ හේතු වුනා නම් ඒ යුද්ධෙ ඇත්තටම කොච්චර බිහිසුණු වෙන්න ඇත්ද කියලා.. ඒකට එයා එකඟ වෙන ගමන්, ලස්සන දෙයක් මතක් කරා.. "Always the history is written by the Victor" (කවදත් ඉතිහාසෙ ලිව්වෙ ජය ගත්තු කෙනා) කියලා.. කතාව එතනින් ඉවර වුනත්, මට හිතෙනවා මෙන්න මේ විදියට අපිට ඒක ඉදිරියට ගෙන යන්න තිබ්බා.. අපි ඇයගේ නම භාරතී කියලා හිතමු (සත්‍ය නම නොවේ) "භාරතී, ඔයා එහෙම කිව්වට, මෑත ඉතිහාසෙ ගත්තොත්, ලංකාවෙ නම් ඉතිහාසෙ ලියන්නෙ දිනපු අය නෙවෙයි.." "ඒ කොහොමද ඒක වෙන්නෙ, පැරදුනු අයට say එකක් නෑනෙ පැරදුනාට පස්සෙ" "ලංකාවෙ යුද්ධෙ ඉවර වෙද්දි මිනිස්සු මැරුණු ගාන, මැරුනු හැටි, මොන වගේ ආයුධ ද පාවිච්චි කරේ, ඒ ගැන යූ.එන් වගේ තැන්වල කියවෙන්නෙ මො...