Posts

Showing posts from October, 2019

උණුසුම් දේශපාලනේ .. Polfie and Relfie

Image
Polfie කියලා රැල්ලක් ආවා කාලයක්, පොලීසියෙන් දඩ ලියද්දි ඒකෙ සෙල්ෆියක් ගහලා දාන එකක්.. මම කියන්නෙ ඒ පොල්ෆි නෙවෙයි - Political Selfie!!  දැන් මට පුලුවන් ටජ් මහල ගාවට ගිහින් ඒකෙ ෆොටෝ එකක් ගන්න.. . මට 'පේන විදියට' ගත්තට ඒක ඇතුලෙ මම ඉන්නවද, නෑ!! , ඒ නිසා මම ගහනවා සෙල්ෆියක් ටජ් මහල පැත්තෙන් පේන්න.. දැන් මම ලොකුවට පේනවා, ටජ් මහල පොඩියට පේනවා.. ටජ් මහල පොඩි වුනාට මට ඕනෙ මේ වගේ හැඟවුම්කාරක ඔක්කොම ඕක අස්සෙ තියෙනවා,  " මෙන්න හැමෝම බලා ගන්න මේ ඉන්නෙ මම, බලන්න මට හරි happy, දැක්කද අර ටජ් මහල පොඩියට පෙනුනට.  ඒත් මම ඔයාලට පෙන්නන්න හදන්නෙ ටජ් මහල විතරක් නෙවෙයි.. මාත් එතන ඉන්නවා කියන එක සහ මං දිහා බලන්න කියන එක"  අවංකවම කියන්න - අපි සෙල්ෆියක් අරන් දාන්නෙ ඒකට නෙවෙයිද? මේක වරදක් නෙවෙයි.. සාමාන්‍ය සමාජශීලි මිනිස්සු විදියට, සමාජ ජාලා හරහා මේ වැඩේ අතිශය ජනප්‍රියයි.. Selfie වලට හොඳ phone වලට, මූන air brush කරලා කිරි ටොයි  වගේ කරන  ෆිල්ටර් වලට අතිශය ඉල්ලුමක් තිබීම අහම්බයක් නෙවෙයි.. Like  කරන කෙනා, Love Heart දාන කෙනා ඒක දාන්නෙ ටජ් මහලට නෙවෙයි, අර ෆිල්ටර් දාලා ලස්සන කර