Posts

Showing posts with the label ප්‍රනාම

මොරිස්, ඇවිත් යන්න එන්න!

Image
  සිංහල ගීතයේ 'ආදරය' කියන වචනය කී පාරක් කියවිලා ඇද්ද නේද? එහෙම කියවෙන, ඇහෙන ආදරේ අතර හිතට දැනෙන්න ඒක කියවෙන අවස්ථා තියෙන්නෙ කීයෙන් කීයද? එහෙමත් තියෙන ටිකෙන්, මොකක්දෝ සුවිශේෂී වූ වර්ණයක් එක්ක ආදරය කියන එක රහට ගැයෙන තැන් තියෙන්නෙ තවත් ඇබින්දක්ද කොහෙද! එහෙම ආදරය දැනෙන්නම කියවෙන එක තැනක් තමයි, මට නම්, අමරදේව මාස්ටර්ගෙ ' ආදර හැඟුම්' ගීය. ඔහුගේ ජීවිතේ අවසාන කාලෙ ගැයු "ආදරයද මේ" ගීයත් ඒ වගේම දැනෙන එකක්.. ඒ ඔක්කොමටම වෙනස් වෛරමක් එක්ක ආදරය කියනවා මොරිස් විජේසිංහ මේ ගීතයේ මෙන්න මේ පද පෙලෙත් අන්තිම වචනෙදි... "මගෙ රන් කඳට, මම ආ..දරෙ‍යි" මොරිස්, ඔබ එන්න, ආපහු ඇවිත් යන්න එන්න...  :( ඔබ එන්න..ඔබ ඇවිත් යන්න එන්න.. සෞම්‍ය සඳ සේමා..වත රූසිරි බෝමා.. සන්සුන් ගමනේ රූසිරි බෝමා ආ..දරේ නොකියා...ඉන්නේ කොහොමා... මග...

"මේ දරුවො මොකද මහ රෑ පිලියන්දල ටවුමෙ?" - ජයලත් මනෝරත්න

Image
කටුබැද්ද විශ්ව විද්‍යාලයේ අපි ඉගෙන ගන්න කාලෙ, අපේ දෙවැනි වසරෙදි, ඒ කියන්නෙ දැනට අවුරුදු විස්සකටත් කලින්, ඉංජිනේරු-NDT ශිෂ්‍ය  අර්බුධයට අපිට මුහුන දෙන්න වුනා. කැම්පස් එක මාස ගානක් වහන තැනට කටයුතු සිදු වුන ඒක මහ අමුතුම අඳුරු කාල පරිච්ඡේදයක්. තැන තැන සිසු සටන්,  ගොඩනැගිලි වට කර සමූහ පිටින් ගොස් පහරදීම්, දිවයින පුරා පෝස්ටර් ඇලවීම්, නගර කේන්ද්‍ර කර ගනිමින් බස් වලට නැග ජනතාව දැනුවත් කිරීම්, මාධ්‍ය ආයතනවලට ගොස් සංවාද කිරීම්,  දෙමාපිය සම්මන්ත්‍රන, මහා පරිමානයේ සිසු උද්ඝෝශණ, පුවත්පත් මුද්‍රන‍ය කිරීම් සහ වෙනත් විශ්ව විද්‍යාල වලට ගොස් ඒවායේ මේ වෙනුවෙන්ම නිර්මාණය වූ බිත්ති පුවත්පත් නිර්මාණය කිරීම් ආදී මෙකී නොකී සියලු ආකාරයේ ශිෂ්‍ය මැදිහත්වලට අපිටත් (අතින් පයින් සටන් හැර) සහභාගි වෙන්න හෝ විටෙක නායකත්වය දෙන්න වුනා. නමුත් අද මම ලියන්න යන්නෙ ඒ අරගල ගැන නොවේ.. ජයලත් මනෝරත්න කලාකරුවා ගැන.. හේතුව, එතුමන් සමඟ මුලින්ම මුහුනට මුහුන මට කතා කරන්න ලැබුනේ ඉහත මා සඳහන් කල ගැටුම් වාතාවරනය තුල.. ඒක වුනේ මෙහෙමයි.. දවසක් ඉන්ජිනේරු සිසුන් සියල්ලම මහා රෑක පිලියන්දල නගරයට රොක් වුනා.. ඒකට...

කොකාවල සර්ට ආදරෙන්...

Image
" ලබන සතියෙ ඉඳලා ඔයාලට සිංහලවලට අලුත් සර් කෙනෙක් එනවා"  මෙහෙම කිව්වෙ අපේ අංශ භාර ගුරුතුමා මට මතක විදියට, මේ 10G පංතිය වෙන්න ඕනෙ..  "සර්ගෙ නම කොකාවල" මුලු පංතියම බකස් ගා හිනා වුනා කියලා මට හොඳට මතකයි. මිනිස්සුන්ගෙ නමට හිනා වෙන්න එපා කියලා පොඩි තෙලකුත් දීලා අංශ භාර සර් ගියා කියලත් මතකයි..  කොල්ලො ගොඩාක් ගුරුවරුන්ට අන්වර්ථ නම් දාලා තිබුනා, හොඳ දෙයක් නොවුනත් ඒක එහෙමයි කියලා කියන්න වෙනවා. මුබා, කොකා, පාචනේ, මිදි සහ මුහුදු ආදී නම්.. ඔය අන්තිම දෙක නම් ඇත්තටම අන්වර්ථ නාමෙ මුල කොටස් විතරයි.. සම්පුර්‍ර්ණ එක මෙතන ලියන්නෙ නෑ මැරුවත් ;) .  කොහොම හරි මට කියන්න ඕනෙ වුනේ අර නමට කොල්ලොන්ට හිනා යන්න ප්‍රධාන හේතුවක් තමා ඒ වෙනකොට හිටපු සිංහල සර් කෙනෙක්ගෙ කාඩ් එක කොහොමත් තිබුනෙ 'කොකා' කියලා, ඉතින් ඇත්තටම ඒ නම තියෙන කෙනෙක් එනවා කිව්ව ගමන් ඉතින් පොඩි ලොල් ගතියක් එන්න ඇති..  කිව්ව දවසෙ කොකාවල සර් ආවා. අපි දැන ගෙන හිටියෙ නෑ එතුමා ආවෙ අපේ වාසනාවට කියලා. කොහොමත් D එක ශුවර් වුනත්, කිසිම බැඳීමක් නොතිබුනු විෂයක් වෙච්ච 'සිංහල' මෙච්චර රසවත් කියල අපිට මේ 'ගුරු තරුව...