Posts

Showing posts from November, 2018

කොලරා නහී බාබා...චොලරා..චොලරා!

Image
දැන් අපේ නම්වලට පිට රටකදී, ඒ නුහුරුව සහ එහි දිග වැඩිකමත් එක්ක වෙන සංතෑසිය අපි කලින් කතා කරලා තියෙනවනෙ ඕන තරම්. අද මම කතා කරන්නෙ ඒකෙ අනික් පැත්ත.. ඒ තමයි ඒ නම තියෙන වෙන වචනයක් එක්ක සමපාත වුනාම වෙන අකරතැබ්බේ.. මගේ ඉන්දියන් යාලුවෙක්ගෙ වාසගම චොලරා හැබැයි ඒක ලියද්දි කොලරා (cholera) කියන ඉංග් ‍ රීසි වචනෙම තමය ලියවෙන්නෙ. මිනිහා ඒ හින්දා විඳින දුක කියන්න වචන නෑලු. තව මනුස්සයෙක් හිටියා කලින් කාර්යාලයේ, එයාගෙ නම නීල් ඩීත්, වාසගම ලියන්නෙ Death කියලා.. මළාම තමයි. මිස්ටර් ඩෙත් කියලා මිනිහට කතා කරනවා මගේ කනටම ඇහිලා තියෙනවා. ඔය ඔෆීස් එකේම හිටියා ගෑනු මනුස්සයෙක්.. එයාගෙ වාසගම ඩික්. ඔබ දන්නවා, ඒ වචනෙ ඉංග් ‍ රීසි කතා කරන භාශාව තුල එච්චර හොඳ එකක් නෙවෙයි.. එය පිරිමි ලිංගේන්ද් ‍ රිය කියන අරුත දෙන නිසා.. ( ලංකාවෙ ඉඳලා අලුත ආපු අයට මෙහේ කාලයක් හිටපු අය දෙන උපදෙසක් තමා 'වාහනේ ඩිකිය කියලා කියන්නෙ නෑ හොඳේ, ඒක කැත වචනයක්. ඒකට කියන්නෙ බූට් කියලා හරිද?') මේ කාන්තාව තමන්ගෙ නම හින්දා වෙච්ච දේවල් අපිට කියනවා ඉස්සර... ඉන් හොඳම එක නම් මෙතන ලියන්න බෑ.. යාන්තමට වගේ ක