Posts

Showing posts from November, 2017

කෑම පැයේ ඇය සමඟ...

Image
කෑම පැයේදි වට මේසෙක වාඩිවෙලා කෑම කද්දි, ටිකක් මෑතක වගේ කන්ඩායමට එකතු වුන ඉන්දියානු කාන්තාවකුත් අපේ කතාවට සෙට් වුනා. එකක් පස්සෙ එකක් කතා කැරකිලා ආවේ අශෝක අධිරාජ්‍යයා ගැන.. ඇය තරමක් දුරට ඉතිහාසය හදාරපු වගක් පෙන්නපු නිසා කතාව ටිකක් රසවත් වුනා.. මම එක තැනකදි කිව්වා, යුද්ධෙ කප්පිත්තෙක් වුන අශෝක රජ්ජුරුවො කලකිරෙන්න තරම් විනාසයක් කාලිංග යුද්ධෙ හේතු වුනා නම් ඒ යුද්ධෙ ඇත්තටම කොච්චර බිහිසුණු වෙන්න ඇත්ද කියලා.. ඒකට එයා එකඟ වෙන ගමන්, ලස්සන දෙයක් මතක් කරා.. "Always the history is written by the Victor" (කවදත් ඉතිහාසෙ ලිව්වෙ ජය ගත්තු කෙනා) කියලා.. කතාව එතනින් ඉවර වුනත්, මට හිතෙනවා මෙන්න මේ විදියට අපිට ඒක ඉදිරියට ගෙන යන්න තිබ්බා.. අපි ඇයගේ නම භාරතී කියලා හිතමු (සත්‍ය නම නොවේ) "භාරතී, ඔයා එහෙම කිව්වට, මෑත ඉතිහාසෙ ගත්තොත්, ලංකාවෙ නම් ඉතිහාසෙ ලියන්නෙ දිනපු අය නෙවෙයි.." "ඒ කොහොමද ඒක වෙන්නෙ, පැරදුනු අයට say එකක් නෑනෙ පැරදුනාට පස්සෙ" "ලංකාවෙ යුද්ධෙ ඉවර වෙද්දි මිනිස්සු මැරුණු ගාන, මැරුනු හැටි, මොන වගේ ආයුධ ද පාවිච්චි කරේ, ඒ ගැන යූ.එන් වගේ තැන්වල කියවෙන්නෙ මො

කොකාවල සර්ට ආදරෙන්...

Image
" ලබන සතියෙ ඉඳලා ඔයාලට සිංහලවලට අලුත් සර් කෙනෙක් එනවා"  මෙහෙම කිව්වෙ අපේ අංශ භාර ගුරුතුමා මට මතක විදියට, මේ 10G පංතිය වෙන්න ඕනෙ..  "සර්ගෙ නම කොකාවල" මුලු පංතියම බකස් ගා හිනා වුනා කියලා මට හොඳට මතකයි. මිනිස්සුන්ගෙ නමට හිනා වෙන්න එපා කියලා පොඩි තෙලකුත් දීලා අංශ භාර සර් ගියා කියලත් මතකයි..  කොල්ලො ගොඩාක් ගුරුවරුන්ට අන්වර්ථ නම් දාලා තිබුනා, හොඳ දෙයක් නොවුනත් ඒක එහෙමයි කියලා කියන්න වෙනවා. මුබා, කොකා, පාචනේ, මිදි සහ මුහුදු ආදී නම්.. ඔය අන්තිම දෙක නම් ඇත්තටම අන්වර්ථ නාමෙ මුල කොටස් විතරයි.. සම්පුර්‍ර්ණ එක මෙතන ලියන්නෙ නෑ මැරුවත් ;) .  කොහොම හරි මට කියන්න ඕනෙ වුනේ අර නමට කොල්ලොන්ට හිනා යන්න ප්‍රධාන හේතුවක් තමා ඒ වෙනකොට හිටපු සිංහල සර් කෙනෙක්ගෙ කාඩ් එක කොහොමත් තිබුනෙ 'කොකා' කියලා, ඉතින් ඇත්තටම ඒ නම තියෙන කෙනෙක් එනවා කිව්ව ගමන් ඉතින් පොඩි ලොල් ගතියක් එන්න ඇති..  කිව්ව දවසෙ කොකාවල සර් ආවා. අපි දැන ගෙන හිටියෙ නෑ එතුමා ආවෙ අපේ වාසනාවට කියලා. කොහොමත් D එක ශුවර් වුනත්, කිසිම බැඳීමක් නොතිබුනු විෂයක් වෙච්ච 'සිංහල' මෙච්චර රසවත් කියල අපිට මේ 'ගුරු තරුව

මගේ සිහිය අන්තිමයි..

Image
මගේ සිහිය අන්තිමයි.. ! නීමො එකේ ඩෝරිට තරම් කේස් නැතත්, මගේ සිහිය අන්තිමයි!!! මට මතකයි පොඩි කාලෙත්, කඩේ ගිහිල්ලා ආවෙ මොනව ගන්නද කියලා මතක නැතුව, ආයෙත් ගෙදර ගිහින් අහගෙන ආපු දවස් තිබුනා. මේ කියන දේ මේ මතක නැතිව, උඩ බලන් කල්පනා කර කර හිටපු දවස් ගාන අනන්තයි. මට මතකයි තාත්තා ඉස්සර කියනවා "මේකා කොහොම විභාග පාස් කරනවද කියලා හිතා ගන්නවත් බෑ. කොපි කරලද කොහෙද පාස් වෙන්නෙ කියලා".  (ඕක ආවෙ තාත්තගෙන්නෙ කියලා මගේ කොලුවා මට කිව්වට, එහෙම අපේ තාත්තට කියන්න හයියක් මට තිබ්බෙ නෑ) ඊයේ හවස අපේ ගෙදර ආවනෙ සුජීව අයියා. හාමිනේ හිටියේ නෑ කියලා නෑ, මම ගෙදර ඉතිරි වෙලා තිබ්බ කප් කේක් එකක් එහෙම කන්න දීලා, තේ ඕනේ කොහොමද, සීනි පිටි කොහොමද කියලා විස්තරත් අහලා, වතුර එක නටන්නත් ගැහුවා මතකයි. හොඳට කතා කරලා ලොක්කා ගියා කියලත් මතකයි. සුජීව අයියා රෑ මැසේජ් එකක් එවලා තිබ්බා, "මල්ලි, මගේ තේ එක?" කියලා. ඒ මදිවට මගේ හාමිනේටත් පනිවිඩේ එවලා, වැඩේ ගිනි තියල (ඉල්ලන්න අමතක වෙච්ච එකට මම පළියැ, හොඳ වැඩේ අයියෙ උඹට!) මේ ළඟදිත් ඔයිට හපන් තවත් වැඩක් වුනා. අපේ ගෙවල් ගාව නිශා නංගි ලංකාවට යනවා කියලා තිබුන
Image
#චක්කංච_වහතො_පදං කරත්තය අදින ගොනාගේ පය අනුව රෝදය යන්නාක් මෙන්, වාහනේ රෝද හතර පස්සෙන් එන නම්බර් ප්ලේට් එක සේ..
Image
මට ශොපින් අරහං!💣😡☠👎 අපරාදෙ කියන්න බෑ, පුලුවන් හැම වෙලාවෙම ඒ වැඩේ කරන්නෙ මගේ හාමිනේ. මම හැම තිස්සෙම කට් එක දාලා ඉන්න උත්සාහ කරත්, සමහර අවස්ථාවල යන්නම වෙනවාය. හැබැයි වැඩේ කියන්නෙ මම ශොපින් යන්න ආස තැනකුත් තියෙනවාය. . . . 🥁🥁🥁 ඒ තමයි DFO එක,🛒🏁🖒 ඒකට යනවා නම් මම වරුවක්, දවසක් උනත් අයින් කරන්න පසුබට වෙන්නෙ නැහැ. අපේ ගෙදර ශොපින් අරහං කඳවුරේ මගේ එකම සටන් සගයා වෙන පුතා කොලුවත් DFO යන්න නම් එක පයින්. ✌ මේ පාර ගිය වෙලාවෙ, නිකමට වගේ ගෑනුත් එක්ක යන අනික් පිරිමි දිහාත් බැලුවා social research වගේ අදහසකින්. ඒ අයත් ඉන්නෙ අර වෙනදා ශොපින් සෙන්ටර් වලදි අපි දකින, නාන්න බලෙන් ඇදන් යන බල්ලො වගේ නෙවෙයි. අපි අපි එකිනෙකා පසුවෙද්දි පිරිමි ඇස් හුවමාරු කර ගන්නා බොහොම අසරණ හෝ බයාදු පෙනුමකිනුත් නොවෙයි. පොඩි ගතියක් ඒ මූනුවල තිබ්බා. රෙදි කඩයක් ඉස්සරහ ගෑනු එනකින්, කරටි කඩා ගෙන බකන් නිලන් ඉන්න හෝ ෆෝන් එකක් දිහා ගල් පිලිම වගේ බලන් ඉන්න පිරිමි දැක්කෙම නැති තරම්. ශොපින් ග්ලැමර් අස්සෙ අපිට පුරුදු මුස්පේන්තුකම වෙනුවට නුපුරුදු ප්‍රබෝධයක් තිබ්බා. මොකද්ද මේකට හේතුව? 🤔 මගේ අනුමානය අනුව ප්‍රධාන හේතු දෙකක් තියෙන
Image
බයිස්කෝප් පිස්සුව මගේ කොල්ලට බයිස්කෝප් පිස්සුවක් ගහලා තියෙන්නෙ.. ඉස්කෝලෙ පොඩි ට්‍රේලර් එකක් හදන කිව්ව ගමන්, කොලුව පියවරක් ඉස්සරහට ගිහිල්ල ඇත්තම මුවි එකක් මේ නමින් තියෙනවා කියලා හිතෙන ගානට එකක් හදලා දැම්ම.. මේ ඒ වෙනුවෙන් මම ෆෙස්බුක් දාපු පෝස්ටුව..  Danupa's first 'serious' video production for a school project..this time with Ravi's brand new Beamer.. 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇 https://youtu.be/qJpUsCaO-78 ✌✌✌✌🖒🖒👆👆👆👆👆👆 Starring Ravi and Rakith Movie poster stunts by Bandula and Samantha Camera (phone), narration by තාත්තා Video stabilty equipment by බාප්පා (Sajeewa) Concept,Script, Direction, Editing by Danupa Like, Share if you think its worth a shout (y) #වීව්ස්ගානබලනවාහැමතිස්සෙම #පොඩිඑකාගෙආසාවනෙ