Posts

Showing posts from May, 2020

බව තරණය කියවූවෙමි!

Image
නවකතාව ආරම්භ වන්නේ සිදුහත් උපතින් නොවේ.  එය අවසන් වන්නේ බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන්ද නොවේ. සිදුහත් ගිහි ගේ කළකිරෙන්නේ  'එක පාරට' දුටු සතර පෙර නිමිති නිසා නොවේ.. තම සිත තුල අනාදිමත් කලෙක සිට වද දුන් නිමිති පුපුරා යාමක් ලෙසිනි. යශෝධරා අත හැර හොර රහසේ සිදුහත් පිට වුනා නොවේ ..  මේ සියල්ල දැන, එය දරා සිට සිදුහත්ට දිරි දුන් උත්තම  වනිතා චරිතයක් විය ඇය. අහසේ වූ කිසිදු ප්‍රාතිහර්‍යයන් පොතේ පිටු අතර නොවීය.. නමුත් මිනිස් සන්තානයන් සනසා සතපන මහ පොලොවේ විප්ලවය පිටු අතරේ ලියැවී තිබින. කොටින්ම  සාහිත්‍යමය ගොඩනැවීම්, අතිශයෝක්තියන් වෙනුවට, මාර්ටින් වික්‍රමසිංහයන් මෙහිදී සිදුහත්-බුදු සිරිත මවන්නේ අතිශය යතාර්ථවාදී රීතියක් තුලය. ඔහු අපට ඇරයුම් කරන්නේ, මේ අසහාය පුරුශයා කල සාමාජීය, දේශපාලනික සහ ආගමික විප්ලවය, එකල පැවති සමාජ සන්දර්භයන් තුල හොවා නව මානයකින් කියවන ලෙසය.   මාර්ටින් වික්‍රමසිංහ මහතා බව තරණය ලියද්දී එතුමන්ගේ වයස 83ක්,   බුදු දහම ගැනත්, භාරතයේ  එකල පැවති සාමාජීය පසුබිම ගැනත් වසර ගණනාවක් පුරා කල විමර්ශනයක් අවසානයේ ඔහු මේ  නවකතාව ලියන්නේ අද්භූතවාදයත්, මහප්‍රාණ බ