Posts

Showing posts with the label සිත් ගත් කතා

තණමල්විල කොල්ලෙක් ඉවරයි!

Image
තණමල්විල කොල්ලෙක් කතාව ඊයේ රාත්‍රියෙ ඉවර වුනා..අවසාන ෆ්‍රේම් එකෙන් හිත මේ තරම් නිවපු, ඇස් අගට කඳුලක් ගෙනාපු කිසිම ටෙලි නාට්‍යයක් මගේ මතකෙ නෑ.. අපි නිර්මාණ කියලා දැක්කෙම නිර්මාණකරුවා වමාරන උන්ගෙ දර්ශනය.. එලියෙ ලෝකෙ මොකක් වුනත් ඔවුන්ට පෙන්වන්න ඕන දේ උද්දීපනය වෙන න්‍යාය පත්‍රයක් අපි දැක්කෙ බොහෝ විට. එක පැත්තකින් ගම උද්දීපනය කරලා, අපේ එක තමයි ලෝකෙන් උතුම්ම එක කියලා, විකල්ප දැනුම් සියල්ලට ගරහන අන්තය.. අනෙක් පසෙන් බුදුදහමට, දේශීය අක් මුල් වලට ගරහමින්, සොල්දාදුවා කුලී මිනීමරුවන්, ජන ඝාතක, ස්ත්‍රී දූශක අමනුස්සයන් ලෙස සූක්ශම ලෙස චිතරනය වෙන, වාම වාදී දේශපාලනය අමුවෙන් රිංගන්න හදන අන්තය.. "තණමල්විල කොල්ලෙක්" ඔය අන්ත දෙකම ස්පර්ශ කලේ නෑ - නමුත් එය අපේ හදවතටම සමීප වුනා.. ඇයි ඒ? ඒ කැත න්‍යාය පත්‍ර වලට වඩා ඇත්ත මහ පොලොව කතාව, සැබෑ ජීවන සුවඳ එහි යහමින් තිබුනු නිසයි ඒ. අපි ආදරය කරන අහිංසකම චරිත වෙන කිතුලා, ලොක්කෙ අයියා මේ කතාවෙ සොල්දාදුවන්.. කෙනෙක් මැරෙනවා.. කෙනෙක් ආබාධිත වෙනවා.. ඒ හරහා අපේ එකෙක්ට ඒක වුනා වගේ දැනෙනවා.. උන්ට ගරහන්නෙ නෑ, ආදරය කරන්නයි පොළබවන්නෙ.. නමුත් කතාවෙ යුද්ධෙ...

රබර් වත්ත - ජවනිකා අංක 2

Image
ජවනිකා අංක 2 ස්ථානය - රබර් වත්ත " ජෙහාන් තමුසෙ මාව කෑවා. බලනවකො වෙලා තියෙන දේ.. ලොක්ක පුදපු අගමැති පට්ටමට කෙලින්න උන් විශ්වාස භංගයක් ගෙනත්.. පාර්ලිමේන්තුවෙ මුන් ඩෙගා නටනවා අයිසෙ..." "සර්, ස්ක්‍රිප්ට් එක ලිව්වෙ මම නම්, වැඩේ යන්න ඕනෙ මම කිව්ව විදියට..සර්ගෙ කට්ටිය ඕවර් ඇක්ටින් කරාට මම පළි ද? " "උන් ගිය විදියට තව අවුරුද්දක් ගියා නම් උන්ට ඇපත් නැති වෙන්න තිබ්බෙ.. තමුසෙගෙ මගුල් ස්ක්‍රිප්ට් එකක් හින්දා තමයි මට කෙල වුනේ.. කතානායක වැඩ කරේ තමුසෙගෙ ස්ක්‍රිප්ට් එකට නෙවෙයිනෙ අයිසේ...ඒකෙන් මගේ එවුන් නන්නත්තාර වුනා.. දැන් කොහොමද අයිසෙ රෙදි ඇඳගෙන මම ගෙදර යන්නෙ.. මදැයි කොරා?" "සර්, නිකා..න් බොරුවට කලබල වෙලා.. කතානායක අහිංසකයෙක්..මෑන්ස් නොදැන අපේ ප්ලෑන් B එකට අපිව ගෙනියනවා.. ඒක තමයි ලොකුම සර්ප්‍රයිස් එක.." "අයිසෙ මේ.. ඔය සර්ප්‍රයිස් ඇති.. ඊයේ රෑ දහය පහුවෙලත් ලොක්කගෙන් කෝල් එකක් ආවා..මම ආන්ස්වර් කරේ නෑ.." "ඔව් මට කිව්වා.. ඒකට කමක් නෑ..දෙසැම්බර් හත වෙනකං ඔහොම ඇඳන් යන්න කියන්න ඒ ගත්තේ ලොක්කා.." "දෙසැම්බර...

‍රබර් වත්තෙ - ජවනිකා අංක 1

Image
ජවනිකාව 1 ස්ථානය : රබර් වත්ත (ඔක්තෝම්බර් 27 දා ලියන ලද්දකි) "මේක වෙන්න ඕනෙ විදිය කිව්වට, කරන්නෙ කවද්ද කියලා ජෙහාන් තාම මට කිව්වෙ නෑනෙ!" ‌ "අවුරුදු ගානකින් වුනේ නැති දේවල් දෙක තුනක් වෙයි.. එතකොට සර් ඇඳුම් මැදලා ලෑස්ති වෙන්න.. මම පනිවිඩ එවන්නෙ නෑ.. ගේම් එක දන්න සර්ට, රූල්ස් කියන්න ඕනෙ නෑනෙ.." "අවුරුදු ගානකින් වුන නැති ඒවා මොනවද ජෙහාන්, තුන් තේරවිලි නැතිව කියනවකො අයිසේ.." "නිකන් මේ වගේ දෙයක් හිතන්න.. වෙනවට නොවේ නිකන් උදාහරනෙකට වගේ හිතන්න.. ලංකාව ගහනවා මැච් එකක් අනික් කන්ඩායම නැති වෙන්න.. උඩ ක් ‍ රීඩකයො ඔක්කොම පනහ පන්නලා, වාර්තා පොතට යන සයිස් එකේ ජයක්.. මේ කපේ වෙන්නෙ නෑ කියලා හිතෙනවා නේ සර්.. අන්න ඒ වගේ ඒවා එද්දි සර් රෙඩි වෙන්න.. "ඕක මේ කපේ වෙන්නෑ තමයි අයිසේ.. " " සර් නිකන් බොරුවට කලබල වෙලා.. අපි මේ ඔක්කොම සැලසුම් කරලා තියෙන්නෙ... ඒක ශුවර් නැත්නම්, තව දවසක් දෙකක් තුනක් බලන්න.. රතු පක්ශෙන් අවුරුදු ගානකට පස්සෙ ආන්ඩු විරෝධි පෙලපාලියක් එනවා කොලඹට.. ඒක තමයි සිග්නල් එක.. ෆෝන...