Posts

Showing posts from September, 2020

නහින්නෙ නැතුව අඬපන්!!

Image
  ඇමරිකානු ජාතික‍යෙක් තමාගේ සිය දිවි නසා ගැනීම සජීවී ව ෆේස්බුක් එකේ පෙන්නනවා..  තමාගේම අතින්ම ශොට් ගන් එකක් යොදාගෙන හිස කුඩු පට්ටම් කර ගන්නා  මේ අතිශය බිහිසුනු දර්ශනය ෆේස්බුක් එකෙන් ඉවත් කරන්නට ඔවුන්ට පැය තුනක් වගේ යනවා.  මේ කාලය තුල අනෙක් සියලුම සමාජ ජාලා තුලට මේ වීඩියෝව ඇතුල් වෙනවා. තරුණ දරුවන් අතර අතිශයින් ජනප්‍රිය ටික්-ටොක් සමාජ ජාලයට මෙය ඇතුල් වීමත් සමඟ මේ දර්ශනය මුලදී ටික් ටොක් "For You" algorithm එක හරහා ස්වයංක්‍රීයව පෙන්වන්න අරන් තියෙනවා (recommended videos කාන්ඩය තුල) මේ හරහා දරුවන් කිසිම වාරණ‍යකින් තොරව මේක දකින්න පටන් ගන්නවා.. ටික් ටොක් තුල මේ වීඩියෝව ඉවත් කරන්න ගත්තට පස්සෙ, සමහර මිනිස්සු තමන්ගේ පේජ්වල රීච් එක වැඩි කර ගන්න, මේ වීඩියෝවේ සංවේදී කොටස් වෙනත් අහිංසක ලෙස පෙනෙන වීඩියෝ, ඒ කියන්නෙ, උදාහරනයක් විදියට,  හුරතල් සතුන් පෙන්වන ලෙසින් පටන් ගන්නා වීඩියෝ තුලට එකතු කරලා මුදා හැරලා තිබ්බා. අති විශාල දරුවන් ප්‍රමානයක් මේ නිසා මේ දර්ශන දැකල සෑහෙන මානසික පීඩනයකට පත් වෙලා. ලොව වටා බොහෝ පාසල් දෙමාපියන්ට අවවාද තිබුනා හැකිනම් නම් ටික් ටොක් වලින් දරුවන් දවසකට දෙකකට ඈත් කරලා ති

මොරිස්, ඇවිත් යන්න එන්න!

Image
  සිංහල ගීතයේ 'ආදරය' කියන වචනය කී පාරක් කියවිලා ඇද්ද නේද? එහෙම කියවෙන, ඇහෙන ආදරේ අතර හිතට දැනෙන්න ඒක කියවෙන අවස්ථා තියෙන්නෙ කීයෙන් කීයද? එහෙමත් තියෙන ටිකෙන්, මොකක්දෝ සුවිශේෂී වූ වර්ණයක් එක්ක ආදරය කියන එක රහට ගැයෙන තැන් තියෙන්නෙ තවත් ඇබින්දක්ද කොහෙද! එහෙම ආදරය දැනෙන්නම කියවෙන එක තැනක් තමයි, මට නම්, අමරදේව මාස්ටර්ගෙ ' ආදර හැඟුම්' ගීය. ඔහුගේ ජීවිතේ අවසාන කාලෙ ගැයු "ආදරයද මේ" ගීයත් ඒ වගේම දැනෙන එකක්.. ඒ ඔක්කොමටම වෙනස් වෛරමක් එක්ක ආදරය කියනවා මොරිස් විජේසිංහ මේ ගීතයේ මෙන්න මේ පද පෙලෙත් අන්තිම වචනෙදි... "මගෙ රන් කඳට, මම ආ..දරෙ‍යි" මොරිස්, ඔබ එන්න, ආපහු ඇවිත් යන්න එන්න...  :( ඔබ එන්න..ඔබ ඇවිත් යන්න එන්න.. සෞම්‍ය සඳ සේමා..වත රූසිරි බෝමා.. සන්සුන් ගමනේ රූසිරි බෝමා ආ..දරේ නොකියා...ඉන්නේ කොහොමා... මග...