Posts

Showing posts from June, 2020

තණමල්විල කොල්ලෙක් ඉවරයි!

Image
තණමල්විල කොල්ලෙක් කතාව ඊයේ රාත්‍රියෙ ඉවර වුනා..අවසාන ෆ්‍රේම් එකෙන් හිත මේ තරම් නිවපු, ඇස් අගට කඳුලක් ගෙනාපු කිසිම ටෙලි නාට්‍යයක් මගේ මතකෙ නෑ.. අපි නිර්මාණ කියලා දැක්කෙම නිර්මාණකරුවා වමාරන උන්ගෙ දර්ශනය.. එලියෙ ලෝකෙ මොකක් වුනත් ඔවුන්ට පෙන්වන්න ඕන දේ උද්දීපනය වෙන න්‍යාය පත්‍රයක් අපි දැක්කෙ බොහෝ විට. එක පැත්තකින් ගම උද්දීපනය කරලා, අපේ එක තමයි ලෝකෙන් උතුම්ම එක කියලා, විකල්ප දැනුම් සියල්ලට ගරහන අන්තය.. අනෙක් පසෙන් බුදුදහමට, දේශීය අක් මුල් වලට ගරහමින්, සොල්දාදුවා කුලී මිනීමරුවන්, ජන ඝාතක, ස්ත්‍රී දූශක අමනුස්සයන් ලෙස සූක්ශම ලෙස චිතරනය වෙන, වාම වාදී දේශපාලනය අමුවෙන් රිංගන්න හදන අන්තය.. "තණමල්විල කොල්ලෙක්" ඔය අන්ත දෙකම ස්පර්ශ කලේ නෑ - නමුත් එය අපේ හදවතටම සමීප වුනා.. ඇයි ඒ? ඒ කැත න්‍යාය පත්‍ර වලට වඩා ඇත්ත මහ පොලොව කතාව, සැබෑ ජීවන සුවඳ එහි යහමින් තිබුනු නිසයි ඒ. අපි ආදරය කරන අහිංසකම චරිත වෙන කිතුලා, ලොක්කෙ අයියා මේ කතාවෙ සොල්දාදුවන්.. කෙනෙක් මැරෙනවා.. කෙනෙක් ආබාධිත වෙනවා.. ඒ හරහා අපේ එකෙක්ට ඒක වුනා වගේ දැනෙනවා.. උන්ට ගරහන්නෙ නෑ, ආදරය කරන්නයි පොළබවන්නෙ.. නමුත් කතාවෙ යුද්ධෙ