Posts

Showing posts with the label පිස්සු කතා

කෑම පැයේ ඇය සමඟ...

Image
කෑම පැයේදි වට මේසෙක වාඩිවෙලා කෑම කද්දි, ටිකක් මෑතක වගේ කන්ඩායමට එකතු වුන ඉන්දියානු කාන්තාවකුත් අපේ කතාවට සෙට් වුනා. එකක් පස්සෙ එකක් කතා කැරකිලා ආවේ අශෝක අධිරාජ්‍යයා ගැන.. ඇය තරමක් දුරට ඉතිහාසය හදාරපු වගක් පෙන්නපු නිසා කතාව ටිකක් රසවත් වුනා.. මම එක තැනකදි කිව්වා, යුද්ධෙ කප්පිත්තෙක් වුන අශෝක රජ්ජුරුවො කලකිරෙන්න තරම් විනාසයක් කාලිංග යුද්ධෙ හේතු වුනා නම් ඒ යුද්ධෙ ඇත්තටම කොච්චර බිහිසුණු වෙන්න ඇත්ද කියලා.. ඒකට එයා එකඟ වෙන ගමන්, ලස්සන දෙයක් මතක් කරා.. "Always the history is written by the Victor" (කවදත් ඉතිහාසෙ ලිව්වෙ ජය ගත්තු කෙනා) කියලා.. කතාව එතනින් ඉවර වුනත්, මට හිතෙනවා මෙන්න මේ විදියට අපිට ඒක ඉදිරියට ගෙන යන්න තිබ්බා.. අපි ඇයගේ නම භාරතී කියලා හිතමු (සත්‍ය නම නොවේ) "භාරතී, ඔයා එහෙම කිව්වට, මෑත ඉතිහාසෙ ගත්තොත්, ලංකාවෙ නම් ඉතිහාසෙ ලියන්නෙ දිනපු අය නෙවෙයි.." "ඒ කොහොමද ඒක වෙන්නෙ, පැරදුනු අයට say එකක් නෑනෙ පැරදුනාට පස්සෙ" "ලංකාවෙ යුද්ධෙ ඉවර වෙද්දි මිනිස්සු මැරුණු ගාන, මැරුනු හැටි, මොන වගේ ආයුධ ද පාවිච්චි කරේ, ඒ ගැන යූ.එන් වගේ තැන්වල කියවෙන්නෙ මො...

මගේ සිහිය අන්තිමයි..

Image
මගේ සිහිය අන්තිමයි.. ! නීමො එකේ ඩෝරිට තරම් කේස් නැතත්, මගේ සිහිය අන්තිමයි!!! මට මතකයි පොඩි කාලෙත්, කඩේ ගිහිල්ලා ආවෙ මොනව ගන්නද කියලා මතක නැතුව, ආයෙත් ගෙදර ගිහින් අහගෙන ආපු දවස් තිබුනා. මේ කියන දේ මේ මතක නැතිව, උඩ බලන් කල්පනා කර කර හිටපු දවස් ගාන අනන්තයි. මට මතකයි තාත්තා ඉස්සර කියනවා "මේකා කොහොම විභාග පාස් කරනවද කියලා හිතා ගන්නවත් බෑ. කොපි කරලද කොහෙද පාස් වෙන්නෙ කියලා".  (ඕක ආවෙ තාත්තගෙන්නෙ කියලා මගේ කොලුවා මට කිව්වට, එහෙම අපේ තාත්තට කියන්න හයියක් මට තිබ්බෙ නෑ) ඊයේ හවස අපේ ගෙදර ආවනෙ සුජීව අයියා. හාමිනේ හිටියේ නෑ කියලා නෑ, මම ගෙදර ඉතිරි වෙලා තිබ්බ කප් කේක් එකක් එහෙම කන්න දීලා, තේ ඕනේ කොහොමද, සීනි පිටි කොහොමද කියලා විස්තරත් අහලා, වතුර එක නටන්නත් ගැහුවා මතකයි. හොඳට කතා කරලා ලොක්කා ගියා කියලත් මතකයි. සුජීව අයියා රෑ මැසේජ් එකක් එවලා තිබ්බා, "මල්ලි, මගේ තේ එක?" කියලා. ඒ මදිවට මගේ හාමිනේටත් පනිවිඩේ එවලා, වැඩේ ගිනි තියල (ඉල්ලන්න අමතක වෙච්ච එකට මම පළියැ, හොඳ වැඩේ අයියෙ උඹට!) මේ ළඟදිත් ඔයිට හපන් තවත් වැඩක් වුනා. අපේ ගෙවල් ගාව නිශා නංගි ලංකාවට යනවා කියලා තිබුන...
Image
#චක්කංච_වහතො_පදං කරත්තය අදින ගොනාගේ පය අනුව රෝදය යන්නාක් මෙන්, වාහනේ රෝද හතර පස්සෙන් එන නම්බර් ප්ලේට් එක සේ..
Image
මට ශොපින් අරහං!💣😡☠👎 අපරාදෙ කියන්න බෑ, පුලුවන් හැම වෙලාවෙම ඒ වැඩේ කරන්නෙ මගේ හාමිනේ. මම හැම තිස්සෙම කට් එක දාලා ඉන්න උත්සාහ කරත්, සමහර අවස්ථාවල යන්නම වෙනවාය. හැබැයි වැඩේ කියන්නෙ මම ශොපින් යන්න ආස තැනකුත් තියෙනවාය. . . . 🥁🥁🥁 ඒ තමයි DFO එක,🛒🏁🖒 ඒකට යනවා නම් මම වරුවක්, දවසක් උනත් අයින් කරන්න පසුබට වෙන්නෙ නැහැ. අපේ ගෙදර ශොපින් අරහං කඳවුරේ මගේ එකම සටන් සගයා වෙන පුතා කොලුවත් DFO යන්න නම් එක පයින්. ✌ මේ පාර ගිය වෙලාවෙ, නිකමට වගේ ගෑනුත් එක්ක යන අනික් පිරිමි දිහාත් බැලුවා social research වගේ අදහසකින්. ඒ අයත් ඉන්නෙ අර වෙනදා ශොපින් සෙන්ටර් වලදි අපි දකින, නාන්න බලෙන් ඇදන් යන බල්ලො වගේ නෙවෙයි. අපි අපි එකිනෙකා පසුවෙද්දි පිරිමි ඇස් හුවමාරු කර ගන්නා බොහොම අසරණ හෝ බයාදු පෙනුමකිනුත් නොවෙයි. පොඩි ගතියක් ඒ මූනුවල තිබ්බා. රෙදි කඩයක් ඉස්සරහ ගෑනු එනකින්, කරටි කඩා ගෙන බකන් නිලන් ඉන්න හෝ ෆෝන් එකක් දිහා ගල් පිලිම වගේ බලන් ඉන්න පිරිමි දැක්කෙම නැති තරම්. ශොපින් ග්ලැමර් අස්සෙ අපිට පුරුදු මුස්පේන්තුකම වෙනුවට නුපුරුදු ප්‍රබෝධයක් තිබ්බා. මොකද්ද මේකට හේතුව? 🤔 මගේ අනුමානය අනුව ප්‍රධාන හේතු දෙකක් තියෙන...