බුදු තාත්තේ... අපේ ගෙදර!!
දවසේම කුඹුර සමඟ ඔට්ටු වූ සියාතු යාන්තමින් ඉසිඹුවක් ලන්නට ලන්ද මත වාඩි වුනා පමණි.. කැළේ කඩා ගෙන කුඹුර පැත්තට දුවගෙන එන්නේ තමන්ගේ ලොකු කොලුවා බව තේරුම් ගන්නට ඔහුට ආපහසුවක් වුනේ නැත. " බුදු තාත්තේ... අපේ ගෙදර!!" තරුණයා එසේ කියා තමන්ගේ දෙපා පාමුල වැටුනේද, වැටෙද්දී එසේ කියවුනාදැයි සියාතුට නිනව්වක් නැහැ.. මේ අසන්නට යන්නෙ ලොකු වින්නැහියක් බව ඔහුට ඉවෙන් මෙන් වැටහුනු නිසාවෙනි.. "තාත්තෙ, අපේ ගෙදර ගිනි ගත්තා." සියාතුට ඇස් නිලංකාර විය. එහෙත් උඩ ඉන්දවුනු දැසින් ඔහු තම පුතා දෙස බලා සිටියේ ඒ අසුබ ආරංචිය තුල යම් මාත්‍රයක හෝ ඉතිරි වූ බලාපොරොත්තුවක් ගැන හෝඩුවාවක් පතමිනි. පුතාට ඒ බලාපොරොත්තුවත් සුන් කරන්නට ගියේ නිමේශයකි. "මොකුත් ඉතිරි නෑ තාත්තේ.. වටේ කොල්ලො ටිකත් එක්ක එකතු වෙලා ගින්න එක්ක ඔට්ටු වුනාට මොනවත් බේර ගන්න බැරි වුනා.. එහෙම් පිටින්ම අලු ගොඩක් දැන් එතන" සියාතු නිහඬය.වටිනා කියන කිසිම දෙයක් ඒ ගෙදර තිබුනේ නැත. නමුත් ඒ සියාතුගේ ගෙදරය. තමන්ගේ දෑතින්ම හැදු ඒ ගෙදර ඔහු ලොකු පුතාට පැවරුවේ ගිය සතියේය. ඒ තමන්ගේ අවසන් හුස්ම ඒ නිවසේම හෙලන්නට පියාණන්ට අවස්ථාව දෙන වගට පො...