අම්මා වගේ වතුර ටික
අපේ පුතා මේ ලඟදි දවසක ලෙඩ වුනා... ටිකක් තදට ලෙඩ වුනා. ඇඳෙන් බහින්න බැරි ගානට, උණ, ඇඟේ වේදනාව, බඩේ අමාරු එක්ක එයා දවස් ගානක් ගත කරන හැටි බලා ඉන්න ඇත්තටම අමාරු වෙන ගානට. මගේ හාමිනේ නිදා ගත්තෙ පුතාගෙ ඇඳ ලඟ බිම, ඒ තමයි රැයේ ඕන වෙලාවක පුතා ඇහැරුනොත්, උණක් ගත්තොත් ඒ ඕන දේකට එසැනින් ක් රියාත්මක වෙන්න පුලුවන් වෙන්න. එලි වෙනකන් උණ බලන්න, කැඳ පොවන්න. ඔය මොකවත් නැතොත්, නළල සිප ගනිමින් ලඟට වෙලා ඔලුව හරි අත ගගා ඉඳලා පස්සෙන්දා වැඩටත් යනවා. තාත්තා කෙනෙක් විදියට මට පුලුවන් හැම දේම කලත්, ගෙවෙන හැම විනාඩියකම මට දැණුනෙ අපිට අම්මා කෙනෙක්ගෙ සෙනෙහස, කැපවීම ඉස්සරහා හැරෙන්න වත් පුලුවන්ද කියලා. මාත් එක්ක නිතර දොඩමලු වෙන නාඹර තරුන කොල්ලා, ලෙඩ ඇඳේදි පූස් පැටියෙක් වගේ හෙව්වෙ අම්මා විතරයි. දවසක් ඇය නිවසින් එලියට ගියේ පුතා ගැන ඇහැ ගහගෙන ඉන්න කියලා. ඒ වෙලාවෙ අම්මගෙ රාජකාරිය මට පැවරුනු නිසා මමත් හිටියෙ දේවකාරියක බර ඔලුවෙ තියන් වගේ. එකපාරට කොලුවා කෙඳිරි ගාන හඬ ඇහිලා මම ඒ පැත්තට (ගියා නෙවෙයි) දිව්වා. "තාත්තෙ, අම්මා කෝ?" කොලුවාගෙන් පලවෙනි ප් රශ්නෙ යොමු වුනා. අම්මා පොඩ්ඩකට එලියට ගියා, මොනවද ඕනෙ පුතේ ක...