Posts

Showing posts from September, 2024

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සහ Sri Lanka Decides 2024

Image
  ඇයි මම මේ ලිපිය ලියන්නේ? මම Facebook වල හෑලි ලියන්නෙක්. නමුත් දේශපාලනය සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් ලියන්නෙ නෑ. විශේෂයෙන්  ඡන්ද කාලෙක එලෙසින් අදහස් ප්‍රකාශ කරලම නෑ. නමුත් අද දවසේ මම වෙනසක් කරනවා. ලංකාව  මේ මොහොතේ පසු කරන්නේ ඉතාමත්ම සුවිශේෂී මොහොතක්. මේ මොහොත සම්බන්ධ ව, මගේ කියවීම දැන් සටහන් කොට තැබුවහොත්, කවුරු කියෙව්වෙ නැතත්,  එය මට පසුකාලීනව retrospective කියවීමකට හොඳයි. කෝච්චියේ කිහිප වතාවක් තැබූ සටහන් කිහිපයක් එකතු කොට, ජනාධිපතිවරණය පැවැත්වෙන අද දවසේ කෙසේ හෝ, පළමු ඡන්ද ප්‍රතිඵලය ලැබීමට ප්‍රථම මගේ බ්ලොග් සටහනක් ලෙස ප්‍රකාශ කරන්නටයි මේ උත්සාහය.  මම මේ ලිපිය ලියද්දී, ශ්‍රී ලාංකීය ජනතාව නම වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් මේ මොහොතේ ඡන්දය ප්‍රකාශ කරමින් සිටිනවා. ඈත සිට වුවද මම මගේ ආදරණීය රටට සුබ පතනවා.  අප මතක ඇති කාලෙක අත් විඳ නැති විශාල පෙරලියක සේයා පෙන්වන මෙවර ජනාධිපතිවරණයේ උණුසුම සමාජ මාධ්‍ය ජාලා ගිනියම් කරමින්, එම මඟ නොහැරෙන තැනකට අපව පත් කරලා.  මා රටින් විප්‍රවාසීව සිටියත්,  මගේ දෙමව්පියන්, සහෝදර සහෝදරියන් සිටින්නේය ලංකාවේය. මම තවමත් ශ්‍රී ලාංකීය පුරවැසියෙක්. ලැයිස්තුවක්