සත්තයි නුඹ ඇවිදින්...
සරසවි උයන දුම්රිය ස්ථානය ඈත කොනක ඇති බංකුවක හිස පහතට යොමාගෙන අසුන්ගෙන සිටින තරුණයෙකි.
හූ හඬ නඟාගෙන වේදිකාව වෙතට ඇදී එන දුම්රිය ඔහුව කලබල කල සෙයකි. අපහසුවෙන් හිස ඔසවා, බොඳ වු ඇස් කෙවෙනි අතරින් ඔහු වටහා ගත්තේ ඒ කොලඹ බලා ධාවනය වෙන, තමා බලාපොරොත්තුවෙන් සිටි දුම්රිය බවයි. ඉතා අපහසුවෙන් හුන් තැනින් නැගී සිටියත්, ඒ වෙතට ඔහු පිය මැන්නේ ඉතා ආයාසයෙනි. තබන පාදයක් පාසා පසු පසට ඔහුව අදින විසල් බරක් ඔහුට දැනුනා මෙනි.
මීට පැයකට පමණ පෙර වූ සිදුවීම් දාමය ඔහුගේ සිත සමග දස දහස් වෙනි වරටත්, රුප රාමු ලෙසින් මැවෙමින් ඔහුව නැවත නැවතත් පෙළන්නට විය.
ඇයව විජේවර්ධන කාන්තා නේවාසිකාගාර ශාලාව ඉදිරියේ උදෑසන හමුවෙන විට තිබූ සතුට, පුරුදු විදියටම ඇය සමඟ සතුටු සාමීචියෙන් හෝරා ගෙවී ගිය අපුරුව සිතට ගෙන දුන් ප්‍රමෝදය වසාගෙන, ඒ සතුට බිලිගත් නිමේශයේ මතක සටහන අඳුරු වළාවක් ලෙසින් ඔහුගේ සිත වෙලා ගෙන තිබුනි.
ඔහු දුම්රියේ ආයාසයෙන් අසුන් ගනිද්දීත් ඇයගේ වචන ඔහුගේ මතකයේ රැව් දෙන්නට විය.
"අපිට මොකද වුනේ, මට තේරෙන්නෙ නෑ විහඟ!"
ඒ හෝරාව හෝ දෙක, දෙදෙනා අතර හුවමාරු වුනේ වචන කිහිපයකි. එය අමනාපයක්, නුරුස්නාවක් නොවූ එහෙත් රිදවුනු සිත් දෙකක් අතර වූ දිගු සහ පීඩාකාරී නිහඬතාවයක් විය. එය සිහි කරද්දී ඔහුව පෙළන්නට වූයේ ඒ නිහැඬියාව පවත්වාගෙන යාමෙන් තමා අතින් මේ ආදරයට හානියක් වුනේද යන පශ්චාත්තාපයයි.
"ඇයි අපිට එහෙම වුනේ" ඔහු තමාගෙන්ම අසන්නට විය. දුම්රිය සෙමින් තම ගමන අරඹද්දී ඔහුගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. ඇයව නේවාසිකාගාරය වෙත හැරලවා, බර වු හිසින් මෙතනට පැමිණියත් ඇයට හරි හමන් ලෙසින් සමු දුන්නාද වත් ඔහුට මතකයේ නොතිබුනි. දුම්රිය සෙමින් වේගය වැඩි කරද්දි, ඔහු සැණින් ඉවත බැලුවේ තවමත් සමාන්තරව දිවෙන වේදිකාව දෙසය.
ඔහු එසැණින් නැගී සිටියේය. තමා තුළ කොහේදෝ සැඟ වී සිට මුදාහැරනු සියොතුන් පෙළක් සේ, ඔහුගේ දෙපා එක්වරම සැහැල්ලුවෙන් ජවාත්මක වී තිබුනි. අසුරු සැණින් ඔහු දුම්රිය වේදිකාව මතට පැන ගත්තේය. මෙතෙක් වේලා සන්තාපයෙන් පහතට හැරී තිබූ හිස සරසවිය වෙත දිවෙන ගුරුපාර වෙත යොමුවුනේය.
ඔහුගේ හිත මොහොතකට පෙර වසා ගත් දහසක ප්‍රශ්නාවලියක පශ්තාත්තාපයේ වෙහෙස සහ අඳුර වෙනුවට දැන් ඇයව නැවත දැකීමේ, අවැසි නම් සුදුසු පරිදි සමු දීමේ බලාපොරොත්තුවේ ප්‍රදීපයෙන් පහන් වී තිබුනි.
පිට්ටනිය මායිම දිගේ අවුත්, අල්විස් පොකුණ අසලින් හැරෙන තරුණයා හාත්පස සොබාදම් අසිරිය විඳින ගමන්ම තම දෙපා වේගවත් කලේ අමුත්තන් සඳහා වෙන් වූ කාල සීමාව අවසන් වීමට පෙර විජේවර්ධන ශාලාව වෙත යන අටියෙනි.
කඳුළුවලින් තෙමුනු කොට්ටය බදාගෙන සයනයේ ඇය තවමත් සුසුම් සලමින් සිටියාය. හිත තුල තිබූ පීඩනය කඳුලු සමග පිට ව ඇති සෙයකි. ඇය සෙමින් නැගී සිට සයනයේ කොනක වාඩි වූවාය. හිත සැහැල්ලු වූ නිසා සිදු වූ දේ පුනරාවර්තනය කරන්නට හැකි වුනත් වචන වලට පෙරලිය නොහැකි ශෝකයක් ඇයගේ සිතේ තවමත් පොර බඳිමින් තිබුනේය.
කාමරයට එන විට තම හොඳම මිතුරිය කාමරයේ නොසිටිම ඇය ඒ මොහොතේ අස්වැසිල්ලට පත් කලාය. සාමාන්‍යයෙන් තම සියලුම රහස්, දෝමනස්සයන් කොඳුරන්නට, දුකක් වූ විට හිස ගසාගෙන හඬන්නට ඇය වෙත ළං වෙන ළෙන්ගතු උරහිසේ හිමිකාරියයි ඇගේ හොඳම මිතුරිය.
එහෙත් අද ඇයට තනි වන්නට අවැසි විය.. ඔහු එක්ක තරහක්, අමනාපයක් නොවූ එහෙත් සිත් රිදවීමක් නැතිව දෙදෙනා දෙපසට කල මේ පලහිලව්ව කෙසේ නම් කෙනෙකුට පහදා දෙන්නද?
"ඇයි යෝධියේ, උඹල දෙන්නට දෙන්න පණ වගේ ආදරෙත් නම්, වෙන් වෙන්න තරම් හේතුවකුත් නැත්නම්, මේ මොන විකාරයක්ද? ප්‍රශ්න මදි නම් අපෙන් ඉල්ල ගනිල්ලා"
කටකාර දෙව්මිගෙන් අනිවාරයෙන්ම ඔය කතාව අහ ගන්නට වෙනවාමය.
"ඇත්තටම අද අපිට මොකද වුනේ"
ක්‍රීඩාගාරය පසු පස ගුරු පාර අසල බංකුවක අසුන් ගෙන සිටි දෙදෙනාම ඉදිරියෙන් ගලාගෙන යන මහවැලි නදිය දෙස බලාගෙන සිටියා ඇයට මතකයි. අසලින් ඇවිද යන සුවහසක් පෙම්වතුන්ට රතු, කහ මල් වැටී පාට වූ මහ මග ආසිරි කරන සෙයකි ඔවුන් දුටුවේ.
මේ නිහඬතාවය තුළ තව සති ගාණකට ඔහුව දකින්නට ලැබෙන්නෙ නැත නේද යන ශෝකය සවස් වෙද්දී ඇය සිතට මෝදු වූයේ ඇයටත් නොදැනීය. එවැනි විටෙක ඇය අස්වස්සන ඔහුත් එදා නිහඬය. ඇගේ සිතේ වේදනාව කුමක් වනු ඇත්දැයි ඔහු සිතන්නට වූ අතර ඇයට මොහොතක් එලෙස සිටින්නට දීමෙන් එය මග හැරෙනු ඇතැයි ඔහු සිතන්නට ඇත.
පිරිමි සිත ප්‍රශ්නයකදී නිහඬ බව ඔසුවක් කර ගත්තද,ගැහැනු සිතකට අවැසි වන්නේ ඇය සමග දොඩමලු වීම බව මේ කුළුඳුලේ පෙම්වතා දැන සිටියේ නැති සෙයකි.
තමාට තනිවෙන්නට අවැසි බව සන් කල සැණින් ඔහු දැඩි වේදනාවෙන් සහ අසරණව තමා දෙස බැලූ අයුරු ඇයට නැවත නැවතත් මැවී පෙනෙන්නට විය. ඒ මොහොතේ වුනේ කුමක්දැයි ඇයට සැණින් පසක් විය.
කිසිම දෙයක් බලෙන් නොපතන ඔහු, ඇගේ වේදනාව තේරුම් ගත්තේ එය තමා නිසාම වූ පීඩාකාරී හැඟීමක් ළෙසය. ආදරයේ නාමයෙන්වත් ඇයට එලෙස පීඩාවක් නොදී ඇයට රිසි තනිකම දී තමා පිටත් විය යුතු බව ඔහු තීරණය කරා වත්ද?
"අනේ, මගේ මේ පිස්සු මූඩ් නිසා, එයාව දුකෙන්ම කොළඹ යැව්වනේ.. "
ඇය කලබල විය. ඔහුට යළි එන්නට පණිවිඩයක් යවන්නේ කෙසේද? ඔහුගේ ජංගම දුරකථනය දහවල සිට ක්‍රියාවිරහිතව තිබුණි.
"නෑ එයා ගියා වෙන්න බෑ..
එයා හවස ගියේ 'මම යන්නම්' කියලා විතරයි..වෙනදා වගේම, 'ගිහින් එන්නම්' කියලා යන්න එයා එනවා"
ඇය කොරිඩෝව දිගේ, අමුත්තන්ගේ ආලින්දයට දිව විත් හාත් පිස සිසාරා බැලුවාය.. ඔහු එහි නැත..
ප්‍රධාන දොරටුව වෙත ඇයගේ බොඳ වු නෙත් නිරායාසයෙන් යොමුවුනි.
පැහැදිළි නැති ඡායා මාත්‍රයක් ලෙසින් මුලදී පෙනුනද ඇය වෙත සිනා මුසු මුහුණින් ඇවිද ආවේ විහඟ බව ඇය දැන සිටියාය.
****
මිටින් මුදා හැර බැලුවෙමි
සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී
සමුගෙන ගොස් යළි හැරුණෙමි
සත්තයි නුඹ ඇවිදින් සෙවණැල්ලක්වී
සැඟෙව්වාට වලාකුළක් දුහුලින්
කලා සපිරි සඳ වැසුණාදෝ
හමා ගියද මාරුතයක්
සුළඟට තරු එළියත් නිවී යාවිදෝ
කඩා වැටෙන මහ වැස්සට සේදී
මලෙක පැහැය දියව යාවිදෝ
සමුගන්නට සිදු වූවත්
අපට දැනුන සුවඳ මැකී යාවිදෝ
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ නිර්මලා රණතුංග
පද : රත්මලේ බන්දුල ගුණවර්ධන
තනුව : විජේරත්න රණතුංග

ලස්සන කෙටි කථාවක්! ලියන්න නොනවත්වාම ලියන්න!
ReplyDeleteඅපි බොහෝ දෙනෙක් "ශනිදා දහයට" නමින් සෑම සෙනසුරාදාම රාත්‍රී දහයට බ්ලොග් පෝස්ට් එකක් ලියන සීන් එකෙකට සෙට් වෙලා!
උඹත් ලබන සෙනසුරාදා අපිත් එක්ක එකතු වෙනවාද?
මරු අදහස. මම මෙහෙම හිටියට මාර කම්මැලි කොටයක්.
Deleteඔය වගේවත් තල්ලුවක් තියේ නම් සතිපතා ලියන්න උනන්දුවක් ලැබේවි. කරමු වැඩේ..
ඔබතුමාගෙ බ්ලොග් එකත් මෙතන සඳහන් කරන්න...
thattayagekolama.blogspot.com
ReplyDeletehttps://thattayagekolama.blogspot.com/
ReplyDeleteFollowing now :)
Delete