Posts

Showing posts from August, 2026

දන්න දරුවෙක්ට, AL විභාගෙ වෙනුවෙන් යැවු සුබ පැතුමක්!

Image
  පුතා, සුබ උදෑසනක්! හෙට උසස් පෙල විභාගෙ නේද?- ඒ හින්දා මම හිතුවා ඔයාට සුබ පතලා සටහනක් එවන්න. ඒ එක්කම මම උසස් පෙල විභාගෙ අතරතුර ඉගෙන ගත්තු ජීවිත පාඩමක් තියෙනවා, මම මේක නිතර බෙදා ගන්නවා මගේ ගාව Maths ඉගෙන ගන්න දරුවො එක්ක. මට හිතුනා ඔයා එක්කත් ඒක බෙදා ගන්න. මේකයි කතාව පුතේ.. මම උසස් පෙල ලිව්වෙ 1994 අගෝස්තු - ඒ කියන්නෙ මේක වුනේ අවුරුදු 32ට කලින්. නමුත් ඒක මම දැන් ඉන්න තැනට කෙලින්ම සම්බන්ධයි. කියවං යද්දි ඔයාට තේරෙයි ඒ කොහොමද කියලා. විභාගෙ මුලින්ම තිබ්බෙ ව්‍යවහාරික ගණිතය (Applied Maths) පලවෙනි පේපර් එක. මේ වෙද්දි මම හොඳටම සූදානම් වෙලා තිබ්බෙ කොහොමත් ඩබල් මැත්ස්. අපේ කාලෙ විෂයන් හතරක්නෙ. ඒකෙන් මම Physics සහ ඩබල් මැත්ස් හොඳටම සූදානම් වෙලා තිබ්බෙ. මම Chemistry වලට ඒ ගානටම තිබ්බෙ නෑ ඒත් B එකක් දාගන්න පුලුවන් කියන ශුවර් එකේ හිටියා. ඒ කියන්නෙ මම පිස්සුවක් නැටුවෙ නැතොත්, A තුනයි B එකයි දා ගන්න පුලුවන් ගානට සූදානම් වෙලා හිටියෙ. කොහොම හරි ඔන්න විභාගෙ පලවෙනි දවසෙ පලවෙනි පේපර් එකට වාඩි වුනා. ඒකෙත් පලවෙනි පැය භාගෙ කියන්නෙ තීරණාත්මකම මොහොත. ඇයි? ඇප්ලයිඩ් පේපර් එකේ ගණන් 12ක් තියෙනවා. ඒකෙන් හයක් තෝරන...