Likes හිඟන page/channel පඩංගු
අද කාලේ සමාජ මාධ් ය වැඩ කරන හැටි ලස්සනට පෙන්නන්න පුලුවන් උදාහරනයක් මේ. මේ ගැන උනන්දු කෙනෙකුට බලා ගන්නත් එක්ක මම අදාල රූප ටිකක් side-by-side තියලම කතාව පටන් ගන්නං. රූපය 1: දියණියකගේ දක්ශතාවයක් ගැන, ඒ පිටුවේ audience එක ගැන සබුද්ධිකව හදපු රූපයක්. අදාල තරඟ සංවිධායකයන් ගැන සඳහන් කරනවා. කාටවත් මඩක් නෑ. හොඳ නිර්මාණයක්. හදන්න පැයක් යන්නැති වැඩිම වුනොත්, දවස් හතයි - shares 1000 යි. රූපය 2: උඩ රූපෙ ඩවුන්ලෝඩ් කර ගත්තා. ලයින් එකක් ලිව්වා. දැම්මා. කොහෙන්ද ගත්තෙ නෑ. අදාල සංවිධානය විස්තර මොකුත් නැහැ. හැබැයි සුක්රා දියණිය ගැන දැනට තියෙන උනන්දුවට ගහලා මේක හිට් කර ගත්තා. පෝස්ට් එක හදන්න විනාඩියක් ගියේ නෑ. දවස් 5යි - shares 8000ට කිට්ටුයි රූපය 3: අර පලවෙනි එක හදන්න භාවිතා කරපු original post එක. නියම මාධ් ය භාවිතාවක් යොදා ගනිමින්, මේ තරඟයෙන් දිනපු සියලුම දරුවන්ගෙ රූප, ස්ථානය සහ පාසල සඳහන් කරමින් ඒ විස්තර සමාජගත කිරීමට යොදාගත් පෝස්ටුව. විස්තර හොයා ගන්න සෑහෙන කාලයක් ගත කරන්න ඇති. දාලා මාසයයි. ශෙයාර්ස් හැබැයි 110 යි. මේ කියන කථික තරඟය සහ එහි ජයග් රහනය ගැන පුලුල් මාධ් ය ආවරණයක් තිබුනෙ නැහැ. කොටින්ම එ...