මොරිස්, ඇවිත් යන්න එන්න!

 



See the source image




සිංහල ගීතයේ 'ආදරය' කියන වචනය කී පාරක් කියවිලා ඇද්ද නේද?

එහෙම කියවෙන, ඇහෙන ආදරේ අතර හිතට දැනෙන්න ඒක කියවෙන අවස්ථා තියෙන්නෙ කීයෙන් කීයද?
එහෙමත් තියෙන ටිකෙන්, මොකක්දෝ සුවිශේෂී වූ වර්ණයක් එක්ක ආදරය කියන එක රහට ගැයෙන තැන් තියෙන්නෙ තවත් ඇබින්දක්ද කොහෙද!

එහෙම ආදරය දැනෙන්නම කියවෙන එක තැනක් තමයි, මට නම්, අමරදේව මාස්ටර්ගෙ ' ආදර හැඟුම්' ගීය. ඔහුගේ ජීවිතේ අවසාන කාලෙ ගැයු "ආදරයද මේ" ගීයත් ඒ වගේම දැනෙන එකක්..

ඒ ඔක්කොමටම වෙනස් වෛරමක් එක්ක ආදරය කියනවා මොරිස් විජේසිංහ මේ ගීතයේ මෙන්න මේ පද පෙලෙත් අන්තිම වචනෙදි...

"මගෙ රන් කඳට, මම ආ..දරෙ‍යි"

මොරිස්, ඔබ එන්න, ආපහු ඇවිත් යන්න එන්න... 





Comments

Popular posts from this blog

A miracle, they say!

හිනාවෙයන් කලු හිනා වෙයන්!

සත්තයි නුඹ ඇවිදින්...