මට ශොපින් අරහං!💣😡☠👎
අපරාදෙ කියන්න බෑ, පුලුවන් හැම වෙලාවෙම ඒ වැඩේ කරන්නෙ මගේ හාමිනේ. මම හැම තිස්සෙම කට් එක දාලා ඉන්න උත්සාහ කරත්, සමහර අවස්ථාවල යන්නම වෙනවාය. හැබැයි වැඩේ කියන්නෙ මම ශොපින් යන්න ආස තැනකුත් තියෙනවාය. . . . 🥁🥁🥁 ඒ තමයි DFO එක,🛒🏁🖒
ඒකට යනවා නම් මම වරුවක්, දවසක් උනත් අයින් කරන්න පසුබට වෙන්නෙ නැහැ. අපේ ගෙදර ශොපින් අරහං කඳවුරේ මගේ එකම සටන් සගයා වෙන පුතා කොලුවත් DFO යන්න නම් එක පයින්. ✌ මේ පාර ගිය වෙලාවෙ, නිකමට වගේ ගෑනුත් එක්ක යන අනික් පිරිමි දිහාත් බැලුවා social research වගේ අදහසකින්. ඒ අයත් ඉන්නෙ අර වෙනදා ශොපින් සෙන්ටර් වලදි අපි දකින, නාන්න බලෙන් ඇදන් යන බල්ලො වගේ නෙවෙයි. අපි අපි එකිනෙකා පසුවෙද්දි පිරිමි ඇස් හුවමාරු කර ගන්නා බොහොම අසරණ හෝ බයාදු පෙනුමකිනුත් නොවෙයි. පොඩි ගතියක් ඒ මූනුවල තිබ්බා. රෙදි කඩයක් ඉස්සරහ ගෑනු එනකින්, කරටි කඩා ගෙන බකන් නිලන් ඉන්න හෝ ෆෝන් එකක් දිහා ගල් පිලිම වගේ බලන් ඉන්න පිරිමි දැක්කෙම නැති තරම්. ශොපින් ග්ලැමර් අස්සෙ අපිට පුරුදු මුස්පේන්තුකම වෙනුවට නුපුරුදු ප්‍රබෝධයක් තිබ්බා. මොකද්ද මේකට හේතුව? 🤔 මගේ අනුමානය අනුව ප්‍රධාන හේතු දෙකක් තියෙනවා, ඒ තමයි site plan සහ brands @ bargains.








මෙන්න මෙහෙමයි ඒක වෙන්නෙ මට හිතෙන හැටියට. පිරිමි ඔලුව රේඛීය සහ අනුයාත (sequential) චලිතයට කැමතියි. ඒක මැද්දෙ අතුරු පාරවල් එකක් එකිනෙක කවලම් වෙලා ඒක පාරවල් mesh එකක් වෙද්දි පිරිමි මොලේ විඩාවට පත් වෙනවා. ඒකයි අපි පාන් ගන්න ගියොත් පාන් අරන් එනවා මිස අතර මැද්දෙ රෙදි කඩ මැද්දෙන් යන ගමන් ඒවා අත ගගා එන්නෙ නැත්තෙ.. අපිට ඒවා අනවශ්‍ය විඩාවක් වුනාට, ගැහැනු මොලයකට ඒවා උත්තේජක, ඒ නිසා එය මම සඳහන් කරන්නේ ඔවුන්ට සමච්චලයක් විදියට නොවේ, ඔවුන් අපිව අභිබවා යන ඔවුන්ගේ natural strength එකක් විදියට. ඇත්තටම අපිව අභිබවා යන තව තැනක් විදියට.. DFO මැප් එක බලන්න. ඒක ප්‍රධාන වශයෙන් යන්නෙ එකම රේඛීය චලිතයක. දෙපැත්තෙ කඩ එකක් පස්සෙ එකක්. මැප් එක දැක්කත් පිරිමි ඔබේ සිත සංසුන් වෙනවා නේද? මීට සමානයි IKEA එකත්. එයත් සපේක්ශව ගැහැනු පිරිමි සංහිඳියාවෙන් 'කඩේ යන' තවත් තැනක්.. අනික් කාරනේ පිරිමි ගෑනුන්ට වඩා brands වලට කැමතියි, ඒ එක්කම ඔවුන් ඉඩ දෙන්නෙ ඉතා අඩු ප්‍රමාණයේ brands ගනනකට. උදාහරණයක් විදියට ගන්න පිරිමි ඩොමිනේට් කරන් ඉන්න electronic appliances market එක. ඒවයි තියෙන්නෙ කොච්චර අඩු brand ගානක්ද දවසකට හැදෙන බිලියන ගානක් උපාංග වලට සාපෙක්ශව. ඔය ඇපල්, ඇන්ඩ්‍රොයිඩ් වලට වාද කර කර සමහර පිරිමි මරා ගත්තට, ගැහැනු අයට ඕක ගානක්වත් තියෙද ෆෝන් එක හොඳනම්? හැබැයි ඒ අයත් brands වලට කැමතියි, නමුත් මේ විදියට නොවෙයි.. brand කීයත් තිබ්බත් ගානක් නෑ, වැඩි නම් තවත් සතුටුයි. අහලා නැති අලුත් brand එකක් වුනත්, කිසි පැකිලීමකින් තොරව පාවිච්චි කරනව. උදාහරනයක් විදියට hand bags, shoes වගේ මාකට් වල තියෙන brands ගාන බලන්න. ..එක්කො එපා, අපේ ඔලු පුපුරයි.💣 අර DFO මැප් එක වටේ තියෙන කඩවල නම් බලන්න ඔක්කොම top brands, ඒ ඔක්කොම කඩවල, අතරමැදියා මගහැරලා direct to public දෙන හින්දා, එයාල දෙන bargain එක genuine. බොරු sales ජිල්මාට් නෙවෙයි. (Hence DFO - Direct Factory Outlets). තනි පාර දෙපැත්තෙ කඩ, එකක් පස්සෙ එකක් බල බල, අපි දන්න හොඳම බ්‍රෑන්ඩ් වලින් ලාභෙට ගන්න තියෙද්දි පිරිමි සිත් නිවී සැනසී යනවා. හැබැයි පවුල පිටින් ඒ ප්‍රබෝධෙ බොහොම සංහිඳියාවෙන් භුක්ති විඳීමෙන් තට්ටු වෙන්නෙ පර්ස් එකට. ඒ නිසා මෙච්චර ශෝක් ශොපින් අත්දැකීමක් ලබන්න යන්නෙ අවුරුද්දට එක පාරක්, දෙපාරක් විතර තමා.. බැංකුවක් සුද්ද කරන්න ලැබුනෙ නැතොත්

Comments

Popular posts from this blog

A miracle, they say!

හිනාවෙයන් කලු හිනා වෙයන්!

සත්තයි නුඹ ඇවිදින්...