නහින්නෙ නැතුව අඬපන්!!
ඇමරිකානු ජාතිකයෙක් තමාගේ සිය දිවි නසා ගැනීම සජීවී ව ෆේස්බුක් එකේ පෙන්නනවා..
තමාගේම අතින්ම ශොට් ගන් එකක් යොදාගෙන හිස කුඩු පට්ටම් කර ගන්නා මේ අතිශය බිහිසුනු දර්ශනය ෆේස්බුක් එකෙන් ඉවත් කරන්නට ඔවුන්ට පැය තුනක් වගේ යනවා. මේ කාලය තුල අනෙක් සියලුම සමාජ ජාලා තුලට මේ වීඩියෝව ඇතුල් වෙනවා.
තරුණ දරුවන් අතර අතිශයින් ජනප්‍රිය ටික්-ටොක් සමාජ ජාලයට මෙය ඇතුල් වීමත් සමඟ මේ දර්ශනය මුලදී ටික් ටොක් "For You" algorithm එක හරහා ස්වයංක්‍රීයව පෙන්වන්න අරන් තියෙනවා (recommended videos කාන්ඩය තුල)
මේ හරහා දරුවන් කිසිම වාරණයකින් තොරව මේක දකින්න පටන් ගන්නවා..
ටික් ටොක් තුල මේ වීඩියෝව ඉවත් කරන්න ගත්තට පස්සෙ, සමහර මිනිස්සු තමන්ගේ පේජ්වල රීච් එක වැඩි කර ගන්න, මේ වීඩියෝවේ සංවේදී කොටස් වෙනත් අහිංසක ලෙස පෙනෙන වීඩියෝ, ඒ කියන්නෙ, උදාහරනයක් විදියට, හුරතල් සතුන් පෙන්වන ලෙසින් පටන් ගන්නා වීඩියෝ තුලට එකතු කරලා මුදා හැරලා තිබ්බා. අති විශාල දරුවන් ප්‍රමානයක් මේ නිසා මේ දර්ශන දැකල සෑහෙන මානසික පීඩනයකට පත් වෙලා. ලොව වටා බොහෝ පාසල් දෙමාපියන්ට අවවාද තිබුනා හැකිනම් නම් ටික් ටොක් වලින් දරුවන් දවසකට දෙකකට ඈත් කරලා තියන්න කියලා.
නමුත් අපි හැරෙනකොට දරුවො මේවා දැකලා ඉවරයි.. එහෙම කාලෙක අපි ජීවත් වෙන්නෙ..
මම මාධ්‍යය හරහා මේක දකින්න කලින් මගේ පුතා මේ ගැන මට කිව්වෙ.. ඒ ගැන ඔහු එක්ක කතා කරලා ඒ ගැන තේරුම් කරලා දෙනවා ඇරෙන්න වෙන දෙයක් අපට ඉතිරි වෙලා තිබුනේ නැහැ.
සියදිවි නසා ගැනීම හෝ ඊටත් වඩා පුලුල් ව අපි බොහෝ පිරිසකට දැනටම බලපාන මානසික සෞඛ්‍යය කියන කාරනය අපි විවෘතව කතා කරන්න ඔනෙ මේ කාලෙ වෙන අන් කවරදාකටවත් වඩා..
ඒ වගේ තත්ත්වෙකට පත් වෙන අය කිසි විටක ගර්හාවට ලක් කරන්න නරකයි. ඒ මිනිස්සු ගැන අනුකම්පාවෙන් සහ අපිත් එවැනි ව්‍යාකූල මානසික ගැටලුවකට නතු වීමේ හැකියාව කෙස් ගසක දුරින් විය හැකි බව පිලි ගනිමින් අපි මේ මැදිහත් වීම කරන්න ඕනෙ. ලොකු ලයින් එකෙන් උප්දෙස් දීමකට එහා ගිය සාමුහික වගකීමක් විදියට මේ අදහස් සමාජ ගත වෙනව නම් ඉන් වඩා සාධනීය ප්‍රතිපල ලැබෙයි කියන එක තමා මට නම් හිතෙන්නෙ.
ලෝක සෞඛ්‍ය සංවිධනයට අනුව. හැම තත්පර 40ට වරක් සිය දිවි නසා ගැනීම නිසා මනුශ්‍ය ජීවිතයක් ලෝකයට අහිමි වෙනවා. ඒ කියන්නෙ අවුරුද්දකට ජීවිත ලක්ශ අටක්.. ( මේ හැබැයි 2016 සංක්‍යා ලේඛන, කොරෝනා එක්ක මේක මීටත් වැඩි වෙලා ඇති දැන්)
ඉන් පිරිමි මරණ ගැහැනු මරණ වගේ දෙගුණයක්.. මේ අනුපාතෙ රටවල් දියුනු වෙද්දි තවත් වැඩියි, ඒ කියන්නෙ යුරෝපෙ පැත්තට යද්දි මරණ 10ක් ගත්තොත් ඉන් 8 ක් පිරිමි.. මේ අගය ඇමරිකාවෙ 7ක්..
ඇයි මුලු ලෝකෙම පිරිමි සිය දිවි නසා ගැනීම් මෙතරම් වැඩි? ඇයි පිරිමි අතර සියදිවි නසා ගැනීම 'නිහඬ වසංගතයක්" (සයිලන්ට් එපිඩමික්) ලෙසින් හැඳින්වෙන්නෙ? දියුනු රටවල ඇයි තත්වෙ තවත් බැරෑරුම්?

මට හිතෙන්නෙ පිරිමින්ට තියෙන මාන්නෙ මේකට හේතුව..ඒක ජානමය අවුලක්ද කොහෙද!
නිකමට හිතන්න අපි පොඩි කොල්ලො කාලෙ දුක හිතුනාම අඬනවා.. ටිකක් ලොකු වෙද්දි, අඬන කොට "හයියෝ ගෑනි වගේ මූ අඬන්නෙ' කියලා අහ ගන්නවා.. එතනදි දුක කියන එක, දුක පෙන්නන එක පිරිමි කමට සුදුසු නොවූ මහ දුර්වල කමක් ලෙස හංවඩු ගැහෙනවා.. ගෙදරදි වුනත් අක්කලා නංගිලාට අඬන්න ඔට්ටු වුනත්, කොල්ලා අඬද්දි හැම එකාම බලන්නෙ වපරෙට.
ඉතින් ලොකු වෙද්දි කොල්ලො දුක හිතේ තද කරන් ඉන්න පුරුදු වෙනවා. ඒ නිසා පිරිමි පුරුදු වෙන්නෙ ඇතුලේ කැකෑරෙන ලාවා ගලන, නමුත් පිටින් නිහඬව සිටින ගිනි කඳු වගේ වෙන්න.
ගෙදර පුතාලා වුනත් දකින්නෙ දුක නිතර අනුන් එක්ක බෙදා ගන්න, ලේසියෙන්ම අඬන අම්මත්, ගහක් ගලක් වගේ ඔහේ ඉන්න, එක පාරට පත්තු වෙලා යකා නටල බඩු පොලොවෙ ගහන තාත්තත්.
ගමනක් යද්දි පාර වැරදුනත්, අම්මා පාර කාගෙන් හරි අහන්න කියද්දිත්, එය නෑසු කන්ව වට රවුම් දහයක් ගසා කෙසේ හෝ ගමන ගොස්, ඒ ගැන පාරම්බාන තාත්තාත්.
පුත්තු පිරිමිකම කියලා වැලඳගන්නෙ ඕක.
සංස්කෘතික කාරනා, හර පද්ධති මේවට අඩු වැඩිය එකතු කරත්, දේශ සීමා මායිම් හරහා මේක පොදු ප්‍රකාශනයක් අපි ලෝකයේ හැම තැනකම වගේ දකිනවා.
මේක මිනිසාගේ දඩයම්, එඩේර, කෘෂිකාර්මික ආදී කලින් මානව ශිෂ්ටාචාරවල කාය ශක්තිය උත්කර්ශවත් වූ, පුරුශ මූලික සමාජෙට හරි යන්න ඇති.
නමුත් අද ලෝකයේ තියෙන ගතිකයන් තුල පිරිමි නහින්නෙ මේ ගස් ගල් වගේ කාලාන්තරයක් තිස්සෙ පෝශනය කල 'දුක තනියම දරා ගැනීම' අලුත් ලෝකෙට වලංගු නොවෙන තත්වෙ තුල. අද ලෝකෙ දඩයම් කරන හෝ කුඹුරු කොටන පිරිමියා සහ ගුහාවේ, පැලේ පැටව් බලා ගන්න ගැහැනිය කියන සරල සමීකරෙනෙ කුඩු වෙලා.

ආර්ථික, සාමාජීය කාරන මැද්දෙ, ගැහැනු පිරිමි හරි හරියට මේ ජීවන යුද්දෙ බර කරට අරන්. කලින් වගේ කාය ශක්තියෙන් විතරක් මේ අභියෝග ජය ගන්න බැහැ. රැකියාවෙ පීඩනය, දරුවන්ගෙ වගකීම්, ආර්ථික අභියෝග, දවස තිස්සෙ ඔලුව අස්සට එන කෙල කෝටියක් පුවත්, සමාජ ජාලා පාචනේ ආදිය එක්ක ඔලුව කෙලින් තියා ගන්න එක ලේසි පාසු කාරනයක් නෙවෙයි.
තව කෙනෙකුට දුක කියන එක, උපදෙස් ගන්න එක, තමන්ගෙ ප්‍රශ්න විවෘතව කතා කරන එක, කලින් සමාජයේ දුර්වලකමක් ලෙස හංවඩු ගැහුනද, එය අද දවසේ සමාජයට ගැහැනු හරි ලස්සනට අනුගත කරවලා තියෙනවා.

එනිසා මේ කියවන ඔබත්, ලියන මාත් මතක තියා ගත යුත්තෙ, දරා ගන්න බැරි තරම් මානසික ආතතියක් ඇති මොහොතක, ඒ වෙනුවෙන් පුහුණුව ලත් කෙනෙක් වෙත යොමු වෙන එක ලැජ්ජාවට කාරනයක් නොවේ. ඒක තව ඇතුලෙ තියන් හිටියොත්, ඒ ගිනි කන්ද පුපුරලා යන්නෙ අපි නොදැනුවත්වයි. මේ සමාජ ජාලා හරහා, මම මුලින් කිව්ව කතාව වගේ දේවල් හරහාත්, නොදැනුවත්ව මේ දේවල් අභිනන්දනය (glorify) වෙන එකෙන් වෙන්නෙ මේක තවත් බැරෑරුම් කරන එක.
ඔබත් කෙනෙක් මානසික අසහනයකින් සිටිනවා දකිනවා නම් ඒ අයගෙ අභිමානයට හානි නොවන ලෙස දුක සැප විමසන්න. සුදුසු මනෝ උප්දේශන සේවාවකට යොමු කරන්න. හැම තිස්සෙම හැම දේම හොඳට වෙන්නෙ නැති බව මතක් කරලා දෙන එකම ඇති (It's OK not to be OK), සමහර විට භයානක විපතක් වලක්වන්න.
පුත්තු හදන අම්මලා තාත්තලා, පුතෙක් අඬනවා දැක්කොත්, ඒක නවත්වල කරන්නෙ දරුවාට අගතියක්.
අපිට ඉස්සරහට කියන්න තියෙන්නෙ 'අඬපන් පුතේ, නැත්නම් උඹටත් වෙන්නෙ බොරුවට නහින්න ඔය දුක හිතේ තද කරන් ඉඳලා" කියලා..
++ සැප්තැම්බර් 10 වෙනිදාට යෙදුනු "R U OK Day" වෙනුවෙනි.++
මේ කතාවට කෙලින්ම සම්බන්ධ නැතත්, මේ තියෙන්නෙ කොරෝනා වසංගතය හමුවේ මානසික සෞඛ්‍යය ගැන මම 3ZZZ රේඩියෝව වෙනුවෙන් කල විනාඩි කිහිපයක පොඩි podcast episode එකක්.
කැමති නම් ඒකත් අහලා බලන්න.
(Cyber Wiparama is available via all major podcast apps)

Comments
Post a Comment