මගේ සිහිය අන්තිමයි..

මගේ සිහිය අන්තිමයි.. !


නීමො එකේ ඩෝරිට තරම් කේස් නැතත්, මගේ සිහිය අන්තිමයි!!!
මට මතකයි පොඩි කාලෙත්, කඩේ ගිහිල්ලා ආවෙ මොනව ගන්නද කියලා මතක නැතුව, ආයෙත් ගෙදර ගිහින් අහගෙන ආපු දවස් තිබුනා.
මේ කියන දේ මේ මතක නැතිව, උඩ බලන් කල්පනා කර කර හිටපු දවස් ගාන අනන්තයි. මට මතකයි තාත්තා ඉස්සර කියනවා "මේකා කොහොම විභාග පාස් කරනවද කියලා හිතා ගන්නවත් බෑ. කොපි කරලද කොහෙද පාස් වෙන්නෙ කියලා". 
(ඕක ආවෙ තාත්තගෙන්නෙ කියලා මගේ කොලුවා මට කිව්වට, එහෙම අපේ තාත්තට කියන්න හයියක් මට තිබ්බෙ නෑ)
ඊයේ හවස අපේ ගෙදර ආවනෙ සුජීව අයියා. හාමිනේ හිටියේ නෑ කියලා නෑ, මම ගෙදර ඉතිරි වෙලා තිබ්බ කප් කේක් එකක් එහෙම කන්න දීලා, තේ ඕනේ කොහොමද, සීනි පිටි කොහොමද කියලා විස්තරත් අහලා, වතුර එක නටන්නත් ගැහුවා මතකයි. හොඳට කතා කරලා ලොක්කා ගියා කියලත් මතකයි.
සුජීව අයියා රෑ මැසේජ් එකක් එවලා තිබ්බා, "මල්ලි, මගේ තේ එක?" කියලා.
ඒ මදිවට මගේ හාමිනේටත් පනිවිඩේ එවලා, වැඩේ ගිනි තියල (ඉල්ලන්න අමතක වෙච්ච එකට මම පළියැ, හොඳ වැඩේ අයියෙ උඹට!)
මේ ළඟදිත් ඔයිට හපන් තවත් වැඩක් වුනා.
අපේ ගෙවල් ගාව නිශා නංගි ලංකාවට යනවා කියලා තිබුනා. යන්න කලින් ගොහින් හම්බ වෙලා කතා කරලා එන්න මගේ හාම්නේ කිහිප පාරක් මතක් කරත් අන්තිම දවස වෙනකන් මට අමතක වුනා.
වැඩ ඇරිලා දවසක් ගෙදර ආපු ගමන් මගෙන් ඇහුවා කතා කරාද කියලා?
"බැරි වුනානෙ!අදනෙ යන්නෙ?- මම දැන් කෝල් කරන්නම්, ගිහින්ද දන්නෙත් නෑ?" මට අවංකවම ෆුල් අප්සට්.
මගේ හාමිනේ, අපරාදෙ කියන්න බෑ, මගේ අඩුවටත් හරි යන්නත් එක්ක fully switched on.
දාන, මාන උපන්දින, මගේ යාලුවොන්ගෙ පනිවිඩ ඒ ඔක්කොම ඉතා පිලිවෙලට අහුරපු මතක ගබඩාවක්; සහ සැණින් අදාළ මොහොතට අදාළ මතකය එලියට ගන්න පුලුවන් ඉන්ද්‍රජාලික බලයක් එයාට තියෙනවා.
මම ඔය කෝල් කරනවා කිව්වට, එසැනින් ඒකත් අමතක වෙනවා කියලා එයා දන්නවා. ඒ නිසා සමහර වෙලාවට ඒ කෝල් එක ගන්නකන් ඒ හරියෙම ගැවසෙන පුරුද්දක් තියෙනවා. මෙදාත් එහෙමයි. අනේ, අමතක වෙන්න ඔන්න මෙන්න ගිහින් ආයෙත් මතක් වුනා, ගත්තා කෝල් එක.
අනෙක් පසෙන් උත්තර දුන්නේ නිශාගෙ මහත්තයා, ජයන්ත.
"අයියලා එයාපෝට් යන ගමන්ද? දැන් කොයි හරියෙද" ලෙස ආරම්භ වූ කතාව නොදැනුවත්වම ජයන්ත අයියා සමග කතා කරගන්නට සිටි වෙනත් මාතෘකාවක් වෙත ඇදී ගියා. පැත්තෙන් සිටි නිශා දැනගෙන සිටි කාරනයක් විය. ඒ මා කතා කරේ ඇයට සුබ පැතීමට බවත්, කතාවෙන් කතාව මට එය සම්පුර්ණයෙන්ම අමතක වී ඇති බවත් ය.
"එහෙනම් ජයන්ත අයියෙ, මම තියන්නම්"
"ආ.. මේ පොඩ්ඩක් ඉන්න, නිශා ඔයාට කතා කරනවා"
අනෙක් පසෙන් ඇසුනු ඒ රිදී සීනු හඬ තවමත් දෙසවන නින්නාද වේ..
"අයියේ, මම එහෙනම් පරෙස්සමෙන් ලංකාවට ගිහින් එන්නම් හොඳේ?"
👹💣🗡

Comments

Popular posts from this blog

A miracle, they say!

හිනාවෙයන් කලු හිනා වෙයන්!

සත්තයි නුඹ ඇවිදින්...