‍රබර් වත්තෙ - ජවනිකා අංක 1


ජවනිකාව 1 ස්ථානය : රබර් වත්ත (ඔක්තෝම්බර් 27 දා ලියන ලද්දකි)

"මේක වෙන්න ඕනෙ විදිය කිව්වට, කරන්නෙ කවද්ද කියලා ජෙහාන් තාම මට කිව්වෙ නෑනෙ!"
"අවුරුදු ගානකින් වුනේ නැති දේවල් දෙක තුනක් වෙයි.. එතකොට සර් ඇඳුම් මැදලා ලෑස්ති වෙන්න.. මම පනිවිඩ එවන්නෙ නෑ.. ගේම් එක දන්න සර්ට, රූල්ස් කියන්න ඕනෙ නෑනෙ.."

"අවුරුදු ගානකින් වුන නැති ඒවා මොනවද ජෙහාන්, තුන් තේරවිලි නැතිව කියනවකො අයිසේ.."

"නිකන් මේ වගේ දෙයක් හිතන්න.. වෙනවට නොවේ නිකන් උදාහරනෙකට වගේ හිතන්න..
ලංකාව ගහනවා මැච් එකක් අනික් කන්ඩායම නැති වෙන්න.. උඩ ක්රීඩකයො ඔක්කොම පනහ පන්නලා, වාර්තා පොතට යන සයිස් එකේ ජයක්.. මේ කපේ වෙන්නෙ නෑ කියලා හිතෙනවා නේ සර්.. අන්න ඒ වගේ ඒවා එද්දි සර් රෙඩි වෙන්න..

"ඕක මේ කපේ වෙන්නෑ තමයි අයිසේ.. "

" සර් නිකන් බොරුවට කලබල වෙලා.. අපි මේ ඔක්කොම සැලසුම් කරලා තියෙන්නෙ...
ඒක ශුවර් නැත්නම්, තව දවසක් දෙකක් තුනක් බලන්න..
රතු පක්ශෙන් අවුරුදු ගානකට පස්සෙ ආන්ඩු විරෝධි පෙලපාලියක් එනවා කොලඹට..
ඒක තමයි සිග්නල් එක..
ෆෝන් එක ඔන් තියා ගන්න..
රෑ 10 පහු වුනත් කමක් නෑ ලොක්කගෙන් එන කෝල් එක එදාට සර් ආන්ස්වර් කරන්නම ඕනෙ"

(නිර්මාණාත්මක උත්සාහයක් පමනයි.. සීරියස් ගෙන වල්ගේ පාගා නොගන්නා ලෙස මතක් කර සිටිමි)

Comments

Popular posts from this blog

A miracle, they say!

හිනාවෙයන් කලු හිනා වෙයන්!

සත්තයි නුඹ ඇවිදින්...