රබර් වත්ත - ජවනිකා අංක 2




ජවනිකා අංක 2
ස්ථානය - රබර් වත්ත

" ජෙහාන් තමුසෙ මාව කෑවා. බලනවකො වෙලා තියෙන දේ.. ලොක්ක පුදපු අගමැති පට්ටමට කෙලින්න උන් විශ්වාස භංගයක් ගෙනත්.. පාර්ලිමේන්තුවෙ මුන් ඩෙගා නටනවා අයිසෙ..."

"සර්, ස්ක්‍රිප්ට් එක ලිව්වෙ මම නම්, වැඩේ යන්න ඕනෙ මම කිව්ව විදියට..සර්ගෙ කට්ටිය ඕවර් ඇක්ටින් කරාට මම පළි ද? "

"උන් ගිය විදියට තව අවුරුද්දක් ගියා නම් උන්ට ඇපත් නැති වෙන්න තිබ්බෙ.. තමුසෙගෙ මගුල් ස්ක්‍රිප්ට් එකක් හින්දා තමයි මට කෙල වුනේ.. කතානායක වැඩ කරේ තමුසෙගෙ ස්ක්‍රිප්ට් එකට නෙවෙයිනෙ අයිසේ...ඒකෙන් මගේ එවුන් නන්නත්තාර වුනා..
දැන් කොහොමද අයිසෙ රෙදි ඇඳගෙන මම ගෙදර යන්නෙ.. මදැයි කොරා?"

"සර්, නිකා..න් බොරුවට කලබල වෙලා.. කතානායක අහිංසකයෙක්..මෑන්ස් නොදැන අපේ ප්ලෑන් B එකට අපිව ගෙනියනවා.. ඒක තමයි ලොකුම සර්ප්‍රයිස් එක.."

"අයිසෙ මේ.. ඔය සර්ප්‍රයිස් ඇති.. ඊයේ රෑ දහය පහුවෙලත් ලොක්කගෙන් කෝල් එකක් ආවා..මම ආන්ස්වර් කරේ නෑ.."

"ඔව් මට කිව්වා.. ඒකට කමක් නෑ..දෙසැම්බර් හත වෙනකං ඔහොම ඇඳන් යන්න කියන්න ඒ ගත්තේ ලොක්කා.."

"දෙසැම්බර් හත? නඩු තීන්දුව වෙනකං? අමු කැවිලද අයිසෙ? අර දුන්නෙ උසාවියෙන් සතියකට කලින් එකක්..! ඒකෙන් තමයි අපේ තිබ්බ ටිකටත් කෙල වෙලා ගියේ..ඇපත් නැතිව හිටපු එවුන් චූන් වුනේ ඒකෙන්.. මගේ යකා අවුස්සන්න එපා ජෙහාන්!"

"එදා ඒ අතුරු තහනම් නියෝගෙ ඒ විදියට ආපු එක හොඳයි කියලා සර්ට දෙසැම්බර් හත තේරෙවි.. ඒක අනික් පැත්තට ආවා නම්  මධ්‍යස්ථ මතධරීන් කියල ඉන්න සිවිල් සමාජ කන්ඩායම් ඒක පිලි ගන්නෙ නෑ.. එහෙම වුනා නම් අන්තර්ජාතික ඇක්ටර්ස්ලා ටිකත් සීන් එකට බහිනවා..සර්ට බඩු බනිස්. හැබයි දැන් ඒ ආපු ත්‍රිල් එකට සෙට් එකම අධිකරණය ස්වාධිනයි කියලා ඒකට උම්මා දෙන තත්වෙ තුල, අවසන් තීන්දුව  ලොක්කටයි සර්ටයි වාසි දායක තත්වෙකට ආවොත්, අර කට්ටියට ඒකත් සාධරණ තීන්දුවක් කියලා පිලි ගන්න වෙනවා.. ‍රැල්ල සර්ගෙ පැත්තට හැරෙනවා, ඡන්දෙ සර්ලා ගොඩ..  සර්ට ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ අපේ රටේ රැල්ල හදන්නෙ සෝඩා බෝතල් වතුරෙන් කියලා.."

"ඕකෙ ලොකු රිස්ක් එකක් තියෙනවා ජෙහාන්.. තීන්දුව අනික් පැත්තට ආවොත් මේ කරපු ඔක්කොම වතුරෙ.."

"ආන්න.. ඕක තමයි සර් ප්ලෑන් B සර්ප්‍රයිස් එක.. ඒක හරි ගියොත්, ලොක්කටත් ඔබතුමාට සර් කියන්න වෙන සීන් එකක් වෙන්නෙ.."

"මොකක්?"

ජෙහාන්ගේ අර සුපුරුදු කට පැත්තට යොමු වූ සිනාවය. ඔහුගේ සට කපටම විජ්ජාවන් ඔලුවේ ක්‍රියාත්මක වෙද්දී එලෙස වෙන බව ඩඩ්ලි මල්දෙනිය හොඳාකාරවම දනී. පරාජිත ව මෙතෙක් සිටි මල්දෙනිය සුබ අනාගත බලාපොරොත්තුවකින් ප්‍රබෝධමත් වූ සෙයකි.

ජෙහාන් ඈත රබර් යාය දෙස බලා කතා කරන්නට විය.

"නඩුව පැරදුනොත් ලොක්කා නන්නත්තාරයි. මෑන්ස්ට සර් ඇර වෙන සරණක් නෑ.. පරණ සෙට් එක ගාවට ගියොත් උන් ලොක්කව බාබෙකියු කරනවා. මගේ ස්ක්‍රිප්ට් එකට අනුව ලොක්කා එයාගෙ ලොකුම තුරුම්පු කාඩ් එක එදාට ගහනවා.."

"ජනමත විචාරනේ?"

"පිස්සුද සර්.. ? දේශපාලනේදි සතුරාට වාසි වෙලාවෙ වාසි දෙය නෙවෙයි දෙන්න ඕනෙ..නොහිතන, ඇඬෙන සර්ප්‍රයිස් එකක්.. මේක නිකන් suicide mission එකක් වගේ.."

මල්දෙනියගේ ඇස් උඩ ඉන්දවින.. "suicide? මොනවදෝයි තමුසෙ මේ කියන්නෙ?"

ජෙහාන් මහ හඬින් සිනාසුනි. ඔහු මල්දෙනියගේ දෙසට හැරුනේ අර සුපුරුදු පැති සිනාවත් සමඟය. 
"දේශපාලනික සිය දිවි නසා ගැනීමක් සර්.. ලොක්කා ඉල්ලා අස් වෙනවා!!!"

පටාස්! හාත් පස ගුගුරා අකුනක්  ගසන හඬ පසුබිමින් ඇසෙන්නට විය.. (සමා වෙන්න.. මෙය කූඹියෝ බව අමතක විය.. දෙවැනි ඉනිම සමග පටලැවිනි)

ජෙහාන් විමතියෙන් මෙන් බලා සිටින මල්දෙනියගේ මුහුණ වෙත ළං වී ඇස් දෙස හෙලුවේ තියුනු බැල්මකි.

"ඔව් මම දන්නවා.. ඒක සර්ලා කවුරුවත් තාම හිතුවෙ නෑ කියලා. ජනාධිපති අස්වෙච්ච ගමන් වැඩ බලන්නෙ ඉන්න අගමැති.. එතන ආපහු අර ව්‍යවස්ථා හිලක් මතු වෙනවා.. සර්ට තුන්වෙනි පාරට ජනාධිපතිකමට ඉල්ලන්න බැරි වුනත්, මේක ජනාධිපතිකමට පත් වීමක්.. එනිසා සර්ට ජනාධිපති වෙන්න පුලුවන්ද කියලා නීති සංවාදයක් ඇති වෙනවා..පාර්ලිමේන්තුවෙ ප්‍රශ්නෙ යට යනවා. හැබයි අර කට්ටිය දැන් ලොකු අමාරුවක වැටෙනවා.. මොකද ජනාධිපති පත් කිරීමේ ගැටලුව නිසා වහාම ජනාධිපතිවරනයක් එනවා..  සර්ගෙ සතුරා මේ වෙලාවෙ සූදානම් නොවුනුම අවස්ථාවක්.. ඒ අයට පොදු අපේක්ශකයෙක් හොයා ගන්න එක කොහොම වෙතත් ආපහු පොදු අපේක්ශකයෙකුට දෙන්න කියලා මිනිස්සුන්ගෙන් රෙදි ඇඳන් ඉල්ලන්නත් බැරි තත්වයක්..‍රතු පක්ශෙ නායක සහෝදරයා තමයි ලොකුම අමාරුවෙ වැටෙන්නෙ.. හැබයි සර්ගෙ පැත්තෙන්  ඒකට කාලෙක ඉඳලා ලෑස්ති කරපු එක්කෙනෙක් ඉන්න නිසා.. මේක වන් සයිඩඩ් ගේම් එකක් වෙනවා.."

"යකඩෝ, තමුසෙ තමයි මිනිහා ජෙහාන්.. හැබයි ලැජ්ජාවක් නැතිව මේ ටික කරන එක තමයි.."

"අනේ ඉන්න සර් විහිලු නොකර.. මිනිස්සුන්ට නැති ලැජ්ජාවක් සර්ලට මොකටද? ඔය හිටියා වගේම හිරිකිතයක් නැතිව ඔය ටික කරන් යන්න, ඔන්න මෙන්න ජනාධිපතිතුමනි!"

ජෙහාන් සහ ඩඩ්ලි මහ හඬින් සිනා සෙන හඬ රබර් වත්ත ඈතටම ඇසුනේය.

මේ අතරේ ලොක්කා දිගට හරහට ඔවුන් දෙදෙනාටම අමතන්නට උත්සාහ කලත්, කරුමෙට එදින රබර් වත්තට සිග්නල් තිබුනේ නැත.

එය ඔවුන් ගත යුතුවම තිබූ කෝල් එකකි..

**** අවවාදයයි: සත්‍යය මෙයට වඩා විශ්මිත වීමට ඉඩ ඇත.


Comments

Popular posts from this blog

A miracle, they say!

හිනාවෙයන් කලු හිනා වෙයන්!

සත්තයි නුඹ ඇවිදින්...