Posts

උණුසුම් දේශපාලනේ .. Polfie and Relfie

Image
Polfie කියලා රැල්ලක් ආවා කාලයක්, පොලීසියෙන් දඩ ලියද්දි ඒකෙ සෙල්ෆියක් ගහලා දාන එකක්.. මම කියන්නෙ ඒ පොල්ෆි නෙවෙයි - Political Selfie!!  දැන් මට පුලුවන් ටජ් මහල ගාවට ගිහින් ඒකෙ ෆොටෝ එකක් ගන්න.. . මට 'පේන විදියට' ගත්තට ඒක ඇතුලෙ මම ඉන්නවද, නෑ!! , ඒ නිසා මම ගහනවා සෙල්ෆියක් ටජ් මහල පැත්තෙන් පේන්න.. දැන් මම ලොකුවට පේනවා, ටජ් මහල පොඩියට පේනවා.. ටජ් මහල පොඩි වුනාට මට ඕනෙ මේ වගේ හැඟවුම්කාරක ඔක්කොම ඕක අස්සෙ තියෙනවා,  " මෙන්න හැමෝම බලා ගන්න මේ ඉන්නෙ මම, බලන්න මට හරි happy, දැක්කද අර ටජ් මහල පොඩියට පෙනුනට.  ඒත් මම ඔයාලට පෙන්නන්න හදන්නෙ ටජ් මහල විතරක් නෙවෙයි.. මාත් එතන ඉන්නවා කියන එක සහ මං දිහා බලන්න කියන එක"  අවංකවම කියන්න - අපි සෙල්ෆියක් අරන් දාන්නෙ ඒකට නෙවෙයිද? මේක වරදක් නෙවෙයි.. සාමාන්‍ය සමාජශීලි මිනිස්සු විදියට, සමාජ ජාලා හරහා මේ වැඩේ අතිශය ජනප්‍රියයි.. Selfie වලට හොඳ phone වලට, මූන air brush කරලා කිරි ටොයි  වගේ කරන  ෆිල්ටර් වලට අතිශය ඉල්ලුමක් තිබීම අහම්බයක් නෙවෙයි.. Like  කරන කෙනා, Love Heart දාන කෙනා ඒක දාන්නෙ ටජ් මහලට නෙවෙයි, අර ෆිල්ට...

කොලරා නහී බාබා...චොලරා..චොලරා!

Image
දැන් අපේ නම්වලට පිට රටකදී, ඒ නුහුරුව සහ එහි දිග වැඩිකමත් එක්ක වෙන සංතෑසිය අපි කලින් කතා කරලා තියෙනවනෙ ඕන තරම්. අද මම කතා කරන්නෙ ඒකෙ අනික් පැත්ත.. ඒ තමයි ඒ නම තියෙන වෙන වචනයක් එක්ක සමපාත වුනාම වෙන අකරතැබ්බේ.. මගේ ඉන්දියන් යාලුවෙක්ගෙ වාසගම චොලරා හැබැයි ඒක ලියද්දි කොලරා (cholera) කියන ඉංග් ‍ රීසි වචනෙම තමය ලියවෙන්නෙ. මිනිහා ඒ හින්දා විඳින දුක කියන්න වචන නෑලු. තව මනුස්සයෙක් හිටියා කලින් කාර්යාලයේ, එයාගෙ නම නීල් ඩීත්, වාසගම ලියන්නෙ Death කියලා.. මළාම තමයි. මිස්ටර් ඩෙත් කියලා මිනිහට කතා කරනවා මගේ කනටම ඇහිලා තියෙනවා. ඔය ඔෆීස් එකේම හිටියා ගෑනු මනුස්සයෙක්.. එයාගෙ වාසගම ඩික්. ඔබ දන්නවා, ඒ වචනෙ ඉංග් ‍ රීසි කතා කරන භාශාව තුල එච්චර හොඳ එකක් නෙවෙයි.. එය පිරිමි ලිංගේන්ද් ‍ රිය කියන අරුත දෙන නිසා.. ( ලංකාවෙ ඉඳලා අලුත ආපු අයට මෙහේ කාලයක් හිටපු අය දෙන උපදෙසක් තමා 'වාහනේ ඩිකිය කියලා කියන්නෙ නෑ හොඳේ, ඒක කැත වචනයක්. ඒකට කියන්නෙ බූට් කියලා හරිද?') මේ කාන්තාව තමන්ගෙ නම හින්දා වෙච්ච දේවල් අපිට කියනවා ඉස්සර... ඉන් හොඳම එක නම් මෙතන ලියන්න බෑ.. යාන්තමට වගේ ක...