සත්තයි නුඹ ඇවිදින්...
සරසවි උයන දුම්රිය ස්ථානය ඈත කොනක ඇති බංකුවක හිස පහතට යොමාගෙන අසුන්ගෙන සිටින තරුණයෙකි. හූ හඬ නඟාගෙන වේදිකාව වෙතට ඇදී එන දුම්රිය ඔහුව කලබල කල සෙයකි. අපහසුවෙන් හිස ඔසවා, බොඳ වු ඇස් කෙවෙනි අතරින් ඔහු වටහා ගත්තේ ඒ කොලඹ බලා ධාවනය වෙන, තමා බලාපොරොත්තුවෙන් සිටි දුම්රිය බවයි. ඉතා අපහසුවෙන් හුන් තැනින් නැගී සිටියත්, ඒ වෙතට ඔහු පිය මැන්නේ ඉතා ආයාසයෙනි. තබන පාදයක් පාසා පසු පසට ඔහුව අදින විසල් බරක් ඔහුට දැනු නා මෙනි. මීට පැයකට පමණ පෙර වූ සිදුවීම් දාමය ඔහුගේ සිත සමග දස දහස් වෙනි වරටත්, රුප රාමු ලෙසින් මැවෙමින් ඔහුව නැවත නැවතත් පෙළන්නට විය. ඇයව විජේවර්ධන කාන්තා නේවාසිකාගාර ශාලාව ඉදිරියේ උදෑසන හමුවෙන විට තිබූ සතුට, පුරුදු විදියටම ඇය සමඟ සතුටු සාමීචියෙන් හෝරා ගෙවී ගිය අපුරුව සිතට ගෙන දුන් ප්‍රමෝදය වසාගෙන, ඒ සතුට බිලිගත් නිමේශයේ මතක සටහන අඳුරු වළාවක් ලෙසින් ඔහුගේ සිත වෙලා ගෙන තිබුනි. ඔහු දුම්රියේ ආයාසයෙන් අසුන් ගනිද්දීත් ඇයගේ වචන ඔහුගේ මතකයේ රැව් දෙන්නට විය. "අපිට මොකද වුනේ, මට තේරෙන්නෙ නෑ විහඟ!" ඒ හෝරාව හෝ දෙක, දෙදෙනා අතර හුවමාරු වුනේ වචන කිහිපයකි. එය අමනාපයක්, නුරුස්නාවක් නොවූ එහෙත් රිද