Posts

තණමල්විල කොල්ලෙක් ඉවරයි!

Image
තණමල්විල කොල්ලෙක් කතාව ඊයේ රාත්‍රියෙ ඉවර වුනා..අවසාන ෆ්‍රේම් එකෙන් හිත මේ තරම් නිවපු, ඇස් අගට කඳුලක් ගෙනාපු කිසිම ටෙලි නාට්‍යයක් මගේ මතකෙ නෑ.. අපි නිර්මාණ කියලා දැක්කෙම නිර්මාණකරුවා වමාරන උන්ගෙ දර්ශනය.. එලියෙ ලෝකෙ මොකක් වුනත් ඔවුන්ට පෙන්වන්න ඕන දේ උද්දීපනය වෙන න්‍යාය පත්‍රයක් අපි දැක්කෙ බොහෝ විට. එක පැත්තකින් ගම උද්දීපනය කරලා, අපේ එක තමයි ලෝකෙන් උතුම්ම එක කියලා, විකල්ප දැනුම් සියල්ලට ගරහන අන්තය.. අනෙක් පසෙන් බුදුදහමට, දේශීය අක් මුල් වලට ගරහමින්, සොල්දාදුවා කුලී මිනීමරුවන්, ජන ඝාතක, ස්ත්‍රී දූශක අමනුස්සයන් ලෙස සූක්ශම ලෙස චිතරනය වෙන, වාම වාදී දේශපාලනය අමුවෙන් රිංගන්න හදන අන්තය.. "තණමල්විල කොල්ලෙක්" ඔය අන්ත දෙකම ස්පර්ශ කලේ නෑ - නමුත් එය අපේ හදවතටම සමීප වුනා.. ඇයි ඒ? ඒ කැත න්‍යාය පත්‍ර වලට වඩා ඇත්ත මහ පොලොව කතාව, සැබෑ ජීවන සුවඳ එහි යහමින් තිබුනු නිසයි ඒ. අපි ආදරය කරන අහිංසකම චරිත වෙන කිතුලා, ලොක්කෙ අයියා මේ කතාවෙ සොල්දාදුවන්.. කෙනෙක් මැරෙනවා.. කෙනෙක් ආබාධිත වෙනවා.. ඒ හරහා අපේ එකෙක්ට ඒක වුනා වගේ දැනෙනවා.. උන්ට ගරහන්නෙ නෑ, ආදරය කරන්නයි පොළබවන්නෙ.. නමුත් කතාවෙ යුද්ධෙ...

බව තරණය කියවූවෙමි!

Image
නවකතාව ආරම්භ වන්නේ සිදුහත් උපතින් නොවේ.  එය අවසන් වන්නේ බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන්ද නොවේ. සිදුහත් ගිහි ගේ කළකිරෙන්නේ  'එක පාරට' දුටු සතර පෙර නිමිති නිසා නොවේ.. තම සිත තුල අනාදිමත් කලෙක සිට වද දුන් නිමිති පුපුරා යාමක් ලෙසිනි. යශෝධරා අත හැර හොර රහසේ සිදුහත් පිට වුනා නොවේ ..  මේ සියල්ල දැන, එය දරා සිට සිදුහත්ට දිරි දුන් උත්තම  වනිතා චරිතයක් විය ඇය. අහසේ වූ කිසිදු ප්‍රාතිහර්‍යයන් පොතේ පිටු අතර නොවීය.. නමුත් මිනිස් සන්තානයන් සනසා සතපන මහ පොලොවේ විප්ලවය පිටු අතරේ ලියැවී තිබින. කොටින්ම  සාහිත්‍යමය ගොඩනැවීම්, අතිශයෝක්තියන් වෙනුවට, මාර්ටින් වික්‍රමසිංහයන් මෙහිදී සිදුහත්-බුදු සිරිත මවන්නේ අතිශය යතාර්ථවාදී රීතියක් තුලය. ඔහු අපට ඇරයුම් කරන්නේ, මේ අසහාය පුරුශයා කල සාමාජීය, දේශපාලනික සහ ආගමික විප්ලවය, එකල පැවති සමාජ සන්දර්භයන් තුල හොවා නව මානයකින් කියවන ලෙසය.   මාර්ටින් වික්‍රමසිංහ මහතා බව තරණය ලියද්දී එතුමන්ගේ වයස 83ක්,   බුදු දහම ගැනත්, භාරතයේ  එකල පැවති සාමාජීය පසුබිම ගැනත් වසර ගණනාවක් පුරා කල විමර්ශනයක් අවසානයේ ඔහු මේ...

"මේ දරුවො මොකද මහ රෑ පිලියන්දල ටවුමෙ?" - ජයලත් මනෝරත්න

Image
කටුබැද්ද විශ්ව විද්‍යාලයේ අපි ඉගෙන ගන්න කාලෙ, අපේ දෙවැනි වසරෙදි, ඒ කියන්නෙ දැනට අවුරුදු විස්සකටත් කලින්, ඉංජිනේරු-NDT ශිෂ්‍ය  අර්බුධයට අපිට මුහුන දෙන්න වුනා. කැම්පස් එක මාස ගානක් වහන තැනට කටයුතු සිදු වුන ඒක මහ අමුතුම අඳුරු කාල පරිච්ඡේදයක්. තැන තැන සිසු සටන්,  ගොඩනැගිලි වට කර සමූහ පිටින් ගොස් පහරදීම්, දිවයින පුරා පෝස්ටර් ඇලවීම්, නගර කේන්ද්‍ර කර ගනිමින් බස් වලට නැග ජනතාව දැනුවත් කිරීම්, මාධ්‍ය ආයතනවලට ගොස් සංවාද කිරීම්,  දෙමාපිය සම්මන්ත්‍රන, මහා පරිමානයේ සිසු උද්ඝෝශණ, පුවත්පත් මුද්‍රන‍ය කිරීම් සහ වෙනත් විශ්ව විද්‍යාල වලට ගොස් ඒවායේ මේ වෙනුවෙන්ම නිර්මාණය වූ බිත්ති පුවත්පත් නිර්මාණය කිරීම් ආදී මෙකී නොකී සියලු ආකාරයේ ශිෂ්‍ය මැදිහත්වලට අපිටත් (අතින් පයින් සටන් හැර) සහභාගි වෙන්න හෝ විටෙක නායකත්වය දෙන්න වුනා. නමුත් අද මම ලියන්න යන්නෙ ඒ අරගල ගැන නොවේ.. ජයලත් මනෝරත්න කලාකරුවා ගැන.. හේතුව, එතුමන් සමඟ මුලින්ම මුහුනට මුහුන මට කතා කරන්න ලැබුනේ ඉහත මා සඳහන් කල ගැටුම් වාතාවරනය තුල.. ඒක වුනේ මෙහෙමයි.. දවසක් ඉන්ජිනේරු සිසුන් සියල්ලම මහා රෑක පිලියන්දල නගරයට රොක් වුනා.. ඒකට...

උණුසුම් දේශපාලනේ .. Polfie and Relfie

Image
Polfie කියලා රැල්ලක් ආවා කාලයක්, පොලීසියෙන් දඩ ලියද්දි ඒකෙ සෙල්ෆියක් ගහලා දාන එකක්.. මම කියන්නෙ ඒ පොල්ෆි නෙවෙයි - Political Selfie!!  දැන් මට පුලුවන් ටජ් මහල ගාවට ගිහින් ඒකෙ ෆොටෝ එකක් ගන්න.. . මට 'පේන විදියට' ගත්තට ඒක ඇතුලෙ මම ඉන්නවද, නෑ!! , ඒ නිසා මම ගහනවා සෙල්ෆියක් ටජ් මහල පැත්තෙන් පේන්න.. දැන් මම ලොකුවට පේනවා, ටජ් මහල පොඩියට පේනවා.. ටජ් මහල පොඩි වුනාට මට ඕනෙ මේ වගේ හැඟවුම්කාරක ඔක්කොම ඕක අස්සෙ තියෙනවා,  " මෙන්න හැමෝම බලා ගන්න මේ ඉන්නෙ මම, බලන්න මට හරි happy, දැක්කද අර ටජ් මහල පොඩියට පෙනුනට.  ඒත් මම ඔයාලට පෙන්නන්න හදන්නෙ ටජ් මහල විතරක් නෙවෙයි.. මාත් එතන ඉන්නවා කියන එක සහ මං දිහා බලන්න කියන එක"  අවංකවම කියන්න - අපි සෙල්ෆියක් අරන් දාන්නෙ ඒකට නෙවෙයිද? මේක වරදක් නෙවෙයි.. සාමාන්‍ය සමාජශීලි මිනිස්සු විදියට, සමාජ ජාලා හරහා මේ වැඩේ අතිශය ජනප්‍රියයි.. Selfie වලට හොඳ phone වලට, මූන air brush කරලා කිරි ටොයි  වගේ කරන  ෆිල්ටර් වලට අතිශය ඉල්ලුමක් තිබීම අහම්බයක් නෙවෙයි.. Like  කරන කෙනා, Love Heart දාන කෙනා ඒක දාන්නෙ ටජ් මහලට නෙවෙයි, අර ෆිල්ට...

කොලරා නහී බාබා...චොලරා..චොලරා!

Image
දැන් අපේ නම්වලට පිට රටකදී, ඒ නුහුරුව සහ එහි දිග වැඩිකමත් එක්ක වෙන සංතෑසිය අපි කලින් කතා කරලා තියෙනවනෙ ඕන තරම්. අද මම කතා කරන්නෙ ඒකෙ අනික් පැත්ත.. ඒ තමයි ඒ නම තියෙන වෙන වචනයක් එක්ක සමපාත වුනාම වෙන අකරතැබ්බේ.. මගේ ඉන්දියන් යාලුවෙක්ගෙ වාසගම චොලරා හැබැයි ඒක ලියද්දි කොලරා (cholera) කියන ඉංග් ‍ රීසි වචනෙම තමය ලියවෙන්නෙ. මිනිහා ඒ හින්දා විඳින දුක කියන්න වචන නෑලු. තව මනුස්සයෙක් හිටියා කලින් කාර්යාලයේ, එයාගෙ නම නීල් ඩීත්, වාසගම ලියන්නෙ Death කියලා.. මළාම තමයි. මිස්ටර් ඩෙත් කියලා මිනිහට කතා කරනවා මගේ කනටම ඇහිලා තියෙනවා. ඔය ඔෆීස් එකේම හිටියා ගෑනු මනුස්සයෙක්.. එයාගෙ වාසගම ඩික්. ඔබ දන්නවා, ඒ වචනෙ ඉංග් ‍ රීසි කතා කරන භාශාව තුල එච්චර හොඳ එකක් නෙවෙයි.. එය පිරිමි ලිංගේන්ද් ‍ රිය කියන අරුත දෙන නිසා.. ( ලංකාවෙ ඉඳලා අලුත ආපු අයට මෙහේ කාලයක් හිටපු අය දෙන උපදෙසක් තමා 'වාහනේ ඩිකිය කියලා කියන්නෙ නෑ හොඳේ, ඒක කැත වචනයක්. ඒකට කියන්නෙ බූට් කියලා හරිද?') මේ කාන්තාව තමන්ගෙ නම හින්දා වෙච්ච දේවල් අපිට කියනවා ඉස්සර... ඉන් හොඳම එක නම් මෙතන ලියන්න බෑ.. යාන්තමට වගේ ක...