2020ට කඩිප්පුලි කතා කියන එක වහාම නවත්තන්න.. දැන් ඔය 2021 ලොකුවට උඩ දැම්මට අපි 2020ට උම්මා දීලා බාර ගත්තු හැටි මතකනේ.. සමහර වෙලාවට සමහර බෙහෙත් තිත්තයි, සැරයි..නමුත් ඒක ඒ වෙලාවට ඕනෙම බෙහෙත ලෙඩා බේර ගන්න.. සමහර ගුරුවරු සැරයි, වසයි, නමුත් ආපහු හැරිලා බලද්දි ජීවිතේ වෙනස් කරේ ඒ වගේ ගුරුවරු.. 2020ත් ඒ වගේ... පාඩම් උගන්නපු වසරක්.. නිකන් නෙවේ ටොකු ඇන ඇන.. ඇත්ත, මිනිස්සු මැරුනෙ ලක්ස ගානින් නෙවෙයි,මිලියන ගානින්.. අපේ ජීවිතේ දැක්ක ලොකුම ඛේදවාචකයක් වුන වසර.. ලෝක මට්ටමේ වසංගතයක්.. ඒක වැඩ කරන්නෙ කැලෙන්ඩරේ බලලත් නෙවෙයි, වැඩ අහවර කරපු පාටකුත් නැහැ, ඒ නිසා 2020ට සාප කරලා තේරුමක් නැහැ.. ජීවිතයක අවිනිශ්චිත බව, කෙටි බව, පුංචි දේවල් වලින් මේ මොහොත විඳින්න ඕනෙ හැටි, සරල පොඩි දේ වලින් සතුටු වෙන්න ඕනෙ හැටි අපි 2020 ඉගෙන ගත්තෙ නැද්ද? පොඩි දෙයක් වෙනස් වුනත් පරල වෙන්න පුරුදු වෙච්ච අපේ ඇස් ඉස්සරහ, මොහොතින් ඔලිම්පික් මට්ටමේ කාරනා අවලංගු වීම, කල් දැමීම් සාමාන් ය දෙයක් වුනේ නැද්ද? හැල්මෙ දුවමින්, ලෝකෙම දේවල් බදාගෙන, දරුවන්ගෙ, ගෙදර අයගෙ මුහුන බලන්න වෙලාවක් තිබුනු නැති අයට, ගෙදර හිර වෙලා දරුවන් එක්ක චිත් ර අඳ...