Posts

නහින්නෙ නැතුව අඬපන්!!

Image
  ඇමරිකානු ජාතික‍යෙක් තමාගේ සිය දිවි නසා ගැනීම සජීවී ව ෆේස්බුක් එකේ පෙන්නනවා..  තමාගේම අතින්ම ශොට් ගන් එකක් යොදාගෙන හිස කුඩු පට්ටම් කර ගන්නා  මේ අතිශය බිහිසුනු දර්ශනය ෆේස්බුක් එකෙන් ඉවත් කරන්නට ඔවුන්ට පැය තුනක් වගේ යනවා.  මේ කාලය තුල අනෙක් සියලුම සමාජ ජාලා තුලට මේ වීඩියෝව ඇතුල් වෙනවා. තරුණ දරුවන් අතර අතිශයින් ජනප්‍රිය ටික්-ටොක් සමාජ ජාලයට මෙය ඇතුල් වීමත් සමඟ මේ දර්ශනය මුලදී ටික් ටොක් "For You" algorithm එක හරහා ස්වයංක්‍රීයව පෙන්වන්න අරන් තියෙනවා (recommended videos කාන්ඩය තුල) මේ හරහා දරුවන් කිසිම වාරණ‍යකින් තොරව මේක දකින්න පටන් ගන්නවා.. ටික් ටොක් තුල මේ වීඩියෝව ඉවත් කරන්න ගත්තට පස්සෙ, සමහර මිනිස්සු තමන්ගේ පේජ්වල රීච් එක වැඩි කර ගන්න, මේ වීඩියෝවේ සංවේදී කොටස් වෙනත් අහිංසක ලෙස පෙනෙන වීඩියෝ, ඒ කියන්නෙ, උදාහරනයක් විදියට,  හුරතල් සතුන් පෙන්වන ලෙසින් පටන් ගන්නා වීඩියෝ තුලට එකතු කරලා මුදා හැරලා තිබ්බා. අති විශාල දරුවන් ප්‍රමානයක් මේ නිසා මේ දර්ශන දැකල සෑහෙන මානසික පීඩනයකට පත් වෙලා. ලොව වටා බොහෝ පාසල් දෙමාපියන්ට අවවාද තිබුනා හැකිනම් නම් ටික් ටොක් වලින් දරුවන් දවසකට දෙක...

මොරිස්, ඇවිත් යන්න එන්න!

Image
  සිංහල ගීතයේ 'ආදරය' කියන වචනය කී පාරක් කියවිලා ඇද්ද නේද? එහෙම කියවෙන, ඇහෙන ආදරේ අතර හිතට දැනෙන්න ඒක කියවෙන අවස්ථා තියෙන්නෙ කීයෙන් කීයද? එහෙමත් තියෙන ටිකෙන්, මොකක්දෝ සුවිශේෂී වූ වර්ණයක් එක්ක ආදරය කියන එක රහට ගැයෙන තැන් තියෙන්නෙ තවත් ඇබින්දක්ද කොහෙද! එහෙම ආදරය දැනෙන්නම කියවෙන එක තැනක් තමයි, මට නම්, අමරදේව මාස්ටර්ගෙ ' ආදර හැඟුම්' ගීය. ඔහුගේ ජීවිතේ අවසාන කාලෙ ගැයු "ආදරයද මේ" ගීයත් ඒ වගේම දැනෙන එකක්.. ඒ ඔක්කොමටම වෙනස් වෛරමක් එක්ක ආදරය කියනවා මොරිස් විජේසිංහ මේ ගීතයේ මෙන්න මේ පද පෙලෙත් අන්තිම වචනෙදි... "මගෙ රන් කඳට, මම ආ..දරෙ‍යි" මොරිස්, ඔබ එන්න, ආපහු ඇවිත් යන්න එන්න...  :( ඔබ එන්න..ඔබ ඇවිත් යන්න එන්න.. සෞම්‍ය සඳ සේමා..වත රූසිරි බෝමා.. සන්සුන් ගමනේ රූසිරි බෝමා ආ..දරේ නොකියා...ඉන්නේ කොහොමා... මග...

බුදු තාත්තේ... අපේ ගෙදර!!

Image
 දවසේම කුඹුර සමඟ ඔට්ටු වූ සියාතු යාන්තමින් ඉසිඹුවක් ලන්නට ලන්ද මත වාඩි වුනා පමණි.. කැළේ කඩා ගෙන කුඹුර පැත්තට දුවගෙන එන්නේ තමන්ගේ ලොකු කොලුවා බව තේරුම් ගන්නට ඔහුට ආපහසුවක් වුනේ නැත. " බුදු තාත්තේ... අපේ ගෙදර!!"  තරුණයා එසේ කියා තමන්ගේ දෙපා පාමුල වැටුනේද, වැටෙද්දී එසේ කියවුනාදැයි සියාතුට නිනව්වක් නැහැ..  මේ අසන්නට යන්නෙ ලොකු වින්නැහියක් බව ඔහුට ඉවෙන් මෙන් වැටහුනු නිසාවෙනි.. "තාත්තෙ, අපේ ගෙදර ගිනි ගත්තා."   සියාතුට ඇස් නිලංකාර විය. එහෙත් උඩ ඉන්දවුනු දැසින් ඔහු තම පුතා දෙස බලා සිටියේ ඒ අසුබ ආරංචිය තුල යම් මාත්‍රයක හෝ ඉතිරි වූ බලාපොරොත්තුවක් ගැන හෝඩුවාවක් පතමිනි. පුතාට ඒ බලාපොරොත්තුවත් සුන් කරන්නට ගියේ නිමේශයකි. "මොකුත් ඉතිරි නෑ තාත්තේ.. වටේ කොල්ලො ටිකත් එක්ක එකතු වෙලා ගින්න එක්ක ඔට්ටු වුනාට මොනවත් බේර ගන්න බැරි වුනා.. එහෙම් පිටින්ම අලු ගොඩක් දැන් එතන"  සියාතු නිහඬය.වටිනා කියන කිසිම දෙයක් ඒ ගෙදර තිබුනේ නැත. නමුත් ඒ සියාතුගේ ගෙදරය.  තමන්ගේ දෑතින්ම හැදු ඒ ගෙදර ඔහු ලොකු පුතාට පැවරුවේ ගිය සතියේය. ඒ තමන්ගේ අවසන් හුස්ම ඒ නිවසේම හෙලන්නට පියාණන්ට අවස්ථාව දෙන වගට පො...

තණමල්විල කොල්ලෙක් ඉවරයි!

Image
තණමල්විල කොල්ලෙක් කතාව ඊයේ රාත්‍රියෙ ඉවර වුනා..අවසාන ෆ්‍රේම් එකෙන් හිත මේ තරම් නිවපු, ඇස් අගට කඳුලක් ගෙනාපු කිසිම ටෙලි නාට්‍යයක් මගේ මතකෙ නෑ.. අපි නිර්මාණ කියලා දැක්කෙම නිර්මාණකරුවා වමාරන උන්ගෙ දර්ශනය.. එලියෙ ලෝකෙ මොකක් වුනත් ඔවුන්ට පෙන්වන්න ඕන දේ උද්දීපනය වෙන න්‍යාය පත්‍රයක් අපි දැක්කෙ බොහෝ විට. එක පැත්තකින් ගම උද්දීපනය කරලා, අපේ එක තමයි ලෝකෙන් උතුම්ම එක කියලා, විකල්ප දැනුම් සියල්ලට ගරහන අන්තය.. අනෙක් පසෙන් බුදුදහමට, දේශීය අක් මුල් වලට ගරහමින්, සොල්දාදුවා කුලී මිනීමරුවන්, ජන ඝාතක, ස්ත්‍රී දූශක අමනුස්සයන් ලෙස සූක්ශම ලෙස චිතරනය වෙන, වාම වාදී දේශපාලනය අමුවෙන් රිංගන්න හදන අන්තය.. "තණමල්විල කොල්ලෙක්" ඔය අන්ත දෙකම ස්පර්ශ කලේ නෑ - නමුත් එය අපේ හදවතටම සමීප වුනා.. ඇයි ඒ? ඒ කැත න්‍යාය පත්‍ර වලට වඩා ඇත්ත මහ පොලොව කතාව, සැබෑ ජීවන සුවඳ එහි යහමින් තිබුනු නිසයි ඒ. අපි ආදරය කරන අහිංසකම චරිත වෙන කිතුලා, ලොක්කෙ අයියා මේ කතාවෙ සොල්දාදුවන්.. කෙනෙක් මැරෙනවා.. කෙනෙක් ආබාධිත වෙනවා.. ඒ හරහා අපේ එකෙක්ට ඒක වුනා වගේ දැනෙනවා.. උන්ට ගරහන්නෙ නෑ, ආදරය කරන්නයි පොළබවන්නෙ.. නමුත් කතාවෙ යුද්ධෙ...

බව තරණය කියවූවෙමි!

Image
නවකතාව ආරම්භ වන්නේ සිදුහත් උපතින් නොවේ.  එය අවසන් වන්නේ බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන්ද නොවේ. සිදුහත් ගිහි ගේ කළකිරෙන්නේ  'එක පාරට' දුටු සතර පෙර නිමිති නිසා නොවේ.. තම සිත තුල අනාදිමත් කලෙක සිට වද දුන් නිමිති පුපුරා යාමක් ලෙසිනි. යශෝධරා අත හැර හොර රහසේ සිදුහත් පිට වුනා නොවේ ..  මේ සියල්ල දැන, එය දරා සිට සිදුහත්ට දිරි දුන් උත්තම  වනිතා චරිතයක් විය ඇය. අහසේ වූ කිසිදු ප්‍රාතිහර්‍යයන් පොතේ පිටු අතර නොවීය.. නමුත් මිනිස් සන්තානයන් සනසා සතපන මහ පොලොවේ විප්ලවය පිටු අතරේ ලියැවී තිබින. කොටින්ම  සාහිත්‍යමය ගොඩනැවීම්, අතිශයෝක්තියන් වෙනුවට, මාර්ටින් වික්‍රමසිංහයන් මෙහිදී සිදුහත්-බුදු සිරිත මවන්නේ අතිශය යතාර්ථවාදී රීතියක් තුලය. ඔහු අපට ඇරයුම් කරන්නේ, මේ අසහාය පුරුශයා කල සාමාජීය, දේශපාලනික සහ ආගමික විප්ලවය, එකල පැවති සමාජ සන්දර්භයන් තුල හොවා නව මානයකින් කියවන ලෙසය.   මාර්ටින් වික්‍රමසිංහ මහතා බව තරණය ලියද්දී එතුමන්ගේ වයස 83ක්,   බුදු දහම ගැනත්, භාරතයේ  එකල පැවති සාමාජීය පසුබිම ගැනත් වසර ගණනාවක් පුරා කල විමර්ශනයක් අවසානයේ ඔහු මේ...

"මේ දරුවො මොකද මහ රෑ පිලියන්දල ටවුමෙ?" - ජයලත් මනෝරත්න

Image
කටුබැද්ද විශ්ව විද්‍යාලයේ අපි ඉගෙන ගන්න කාලෙ, අපේ දෙවැනි වසරෙදි, ඒ කියන්නෙ දැනට අවුරුදු විස්සකටත් කලින්, ඉංජිනේරු-NDT ශිෂ්‍ය  අර්බුධයට අපිට මුහුන දෙන්න වුනා. කැම්පස් එක මාස ගානක් වහන තැනට කටයුතු සිදු වුන ඒක මහ අමුතුම අඳුරු කාල පරිච්ඡේදයක්. තැන තැන සිසු සටන්,  ගොඩනැගිලි වට කර සමූහ පිටින් ගොස් පහරදීම්, දිවයින පුරා පෝස්ටර් ඇලවීම්, නගර කේන්ද්‍ර කර ගනිමින් බස් වලට නැග ජනතාව දැනුවත් කිරීම්, මාධ්‍ය ආයතනවලට ගොස් සංවාද කිරීම්,  දෙමාපිය සම්මන්ත්‍රන, මහා පරිමානයේ සිසු උද්ඝෝශණ, පුවත්පත් මුද්‍රන‍ය කිරීම් සහ වෙනත් විශ්ව විද්‍යාල වලට ගොස් ඒවායේ මේ වෙනුවෙන්ම නිර්මාණය වූ බිත්ති පුවත්පත් නිර්මාණය කිරීම් ආදී මෙකී නොකී සියලු ආකාරයේ ශිෂ්‍ය මැදිහත්වලට අපිටත් (අතින් පයින් සටන් හැර) සහභාගි වෙන්න හෝ විටෙක නායකත්වය දෙන්න වුනා. නමුත් අද මම ලියන්න යන්නෙ ඒ අරගල ගැන නොවේ.. ජයලත් මනෝරත්න කලාකරුවා ගැන.. හේතුව, එතුමන් සමඟ මුලින්ම මුහුනට මුහුන මට කතා කරන්න ලැබුනේ ඉහත මා සඳහන් කල ගැටුම් වාතාවරනය තුල.. ඒක වුනේ මෙහෙමයි.. දවසක් ඉන්ජිනේරු සිසුන් සියල්ලම මහා රෑක පිලියන්දල නගරයට රොක් වුනා.. ඒකට...

උණුසුම් දේශපාලනේ .. Polfie and Relfie

Image
Polfie කියලා රැල්ලක් ආවා කාලයක්, පොලීසියෙන් දඩ ලියද්දි ඒකෙ සෙල්ෆියක් ගහලා දාන එකක්.. මම කියන්නෙ ඒ පොල්ෆි නෙවෙයි - Political Selfie!!  දැන් මට පුලුවන් ටජ් මහල ගාවට ගිහින් ඒකෙ ෆොටෝ එකක් ගන්න.. . මට 'පේන විදියට' ගත්තට ඒක ඇතුලෙ මම ඉන්නවද, නෑ!! , ඒ නිසා මම ගහනවා සෙල්ෆියක් ටජ් මහල පැත්තෙන් පේන්න.. දැන් මම ලොකුවට පේනවා, ටජ් මහල පොඩියට පේනවා.. ටජ් මහල පොඩි වුනාට මට ඕනෙ මේ වගේ හැඟවුම්කාරක ඔක්කොම ඕක අස්සෙ තියෙනවා,  " මෙන්න හැමෝම බලා ගන්න මේ ඉන්නෙ මම, බලන්න මට හරි happy, දැක්කද අර ටජ් මහල පොඩියට පෙනුනට.  ඒත් මම ඔයාලට පෙන්නන්න හදන්නෙ ටජ් මහල විතරක් නෙවෙයි.. මාත් එතන ඉන්නවා කියන එක සහ මං දිහා බලන්න කියන එක"  අවංකවම කියන්න - අපි සෙල්ෆියක් අරන් දාන්නෙ ඒකට නෙවෙයිද? මේක වරදක් නෙවෙයි.. සාමාන්‍ය සමාජශීලි මිනිස්සු විදියට, සමාජ ජාලා හරහා මේ වැඩේ අතිශය ජනප්‍රියයි.. Selfie වලට හොඳ phone වලට, මූන air brush කරලා කිරි ටොයි  වගේ කරන  ෆිල්ටර් වලට අතිශය ඉල්ලුමක් තිබීම අහම්බයක් නෙවෙයි.. Like  කරන කෙනා, Love Heart දාන කෙනා ඒක දාන්නෙ ටජ් මහලට නෙවෙයි, අර ෆිල්ට...